අමුතුම මලක් වාගෙ ලස්සනක්
දැක්කෙ මං ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක්
එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට
වෙන්න දැන් අවස්තාවයි...ම්ම්ම් ඩියේන් උඹ දැන් බන සිංදුත් අහන්න අරන් ද පුතා... තනිකරම බන ගොඩක්නේ.. හහ්... නිස්කලංකව පැත්තකට වෙන්න අවස්තාව ආස ඇති උඹ පරයා.. උඹ මං එක්ක සෙල්ලම් කරන්ඩ ලෑස්ති වෙන්න එපා ඩියේන් .. මං නිකන් එකෙක් නෙවෙයි.. මං රුද්‍ර ඝෝර වෘකාත්මය බොල.. මගේ දේවල් ලේසියෙන් අතාරින එකෙක් නෙවෙයි මං.. උඹ වෙන කාගෙවත් වෙන්න මං ඉන්නකන් දෙන් නෑ.. මං මැරුනාත් උඹ මගේ විතරයි.. ඩියේන් විතර්ක අභිනෙත් මේ එරබදු සිහිලැල් නියනඟල දෑලබන්ඩාරගේ අයිතියක්.. ඒක උඹටවත් වෙනස් කරන්න බෑ ඩියේන් .. ඒකයි ඇත්ත ... ! තරහෙන් මයේ අත්මිට මෙලවුනා.. වෘකාත්මයට අයිති ඇස් ඉබේ මතුවෙද්දි මං බැලුවේ නාන කාම්මරේ දොර දිහාව.. හිතම ඕනෑවටත් වඩා තරහින්..
" ත්..තමු..සේ...
නාන කාම්මරේ ඇතුලට කඩාන පැන්න මාව දැකලා ඩියේන් ට වචනත් පැටලුනා.. ඒකා උන්නේ නානා කාම්මරේ තියෙන ලොකු කාන්නාඩියෙන් මූන බල බල කොන්ඩේ හදන ගමන් ද කොහෙද.. සුදුපාට කිරි කොකා වගේ පේන උගේ කොන්ඩේ මෝස්තරේ.. මං ඇතුලට ආවා විතරයි ඒකා බය වෙලා වගේ මං දිහාවට හැරුනේ...
" අහ්.. සිහි..ලැල්..
මං නැවතුනේ ඒකායේ බෙල්ලෙන්ම අල්ලන් ඌව අර කන්නාඩියටම හේත්තු කරගෙන.. මට තරහායි දරාගන්ඩ බැරි තරම් තරහායි .. ඩියේන් කරේ බොරුවක් .. ඌ වෙන කෙල්ලෙක්ට ලමයෙක් තියා වෙන කෙල්ලෙක්ගෙන් හුස්මක්වත් අරන් නෑ කියන්න මං දන්නවා.. ඌ පිවිතුරුයි.. මං වෙනුවෙන්ම පේ උනු නෙලුම් මලක් ගානයි.. ඒ නෙලුම් මලේ පෙත්තක් පෙත්තක් ගානේ තැවරිලා තියෙන්නේ මයේ හුස්ම විතරයි.. ඒත් මට තරහායි වචනෙන් උනත් වෙන කාටවත් අයිතිය දෙන්නේ කොහොමද.. ඩියේන් වචනෙන් උනත් කිව්වේ ඇයි වෙන කෙනෙක්ගේ කියලා.. ඩියේන්ගේ බෙල්ල අල්ලන් උන්න මයේ අතේ ඇඟිලි ටික ටික තද උනා.. ඩියේන් ට හුස්ම ගන්න බැරි ගානයි.. ඒත් මං අත ඇරියේ නෑ.. ඩියේන් මයේ අත බුරුල් කරන්න දඟලන ගමන් උන්නේ.. ඌ බය වෙලා. මයේ පැටියාට මං කවදාවත් මෙහෙම නපුරු වෙලා නෑ ඉදලා හිටලා සුදු කම්මුලක් රතු වෙන්න පාරක් දෙකක් ගහනවා ඇරෙන්න...
![](https://img.wattpad.com/cover/379056348-288-k348190.jpg)
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Kurt Adamඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥