10 . ඔව් ඒක ඊර්ෂ්‍යාව ...

825 112 140
                                    

" අහ්හ්... ඩියේ..න්.හ්..

" මගේ හාමූ...

" හෙමි..න් අහ්...හ් හෙමින්.. ඩියේ..න්..මං ..මැරෙයි..හ්

" ගොඩක් රිදෙනවා ද සිහිලැල් ?

" උබ මාව. මරන්නද තනන්නේ...හ්.අහ්..හ් ඩියේ..න් හෙමින්..

" හෙමින් තමයි මේ කරන්නේ .. තව මොන හෙමින්ද.. තමුසේ ට මේ වගේ දෙයක් දරාගන්නත් බෑ වෙන දෙයක් කරොත් මැරෙයිනේ සිහිලැල් ..ඉතින් කොහෙද නාකියිනේ.. එරබදු හාමු ලඳක් වෙන්න එපා ගැම්ම අරන් ඉන්නවකෝ..

"අහකට වියන් පොඩි පරයා..උබට ගැම්ම ගැන මං කියන් නෑ .. දැන් ටිකකට කලියෙන් ලඳක්ට අන්ත වෙලා අත පය කපා කොටා ගත්තේ මම වෙන්ටැති.. මයේ නාකී කම නෙමෙයි මෙතන පුරස්නේ උබ තෙල් උලන්ඩ නොදන්න කම නොසන්ඩාල පැටියෝ .. මයේ කොදු ඇට පේලිය කැඩුවා පරයා.. ඒ මදිවට එනවා මටම බැන වදින්ඩ ..මයේ පුතා උබ මයේ යකා අව්ස්ස ගන්ඩ එපා..

මං ඩියේන්ව අහකට තල්ලු කරලා ඇඳෙන් බැස්සා..

" පුතා කියන්න එපා දැන් .. ඒක සෙට් නෑ .. එරබදු හාමු දැන් මගේ හනී බනීනේ..මාමා පුතා කතා ඉවරයි . දැන් තියෙන්නේ සුදු තාත්තීගෙයි සුදු දෝණිගෙයි කතා.. කෝ මගේ සුදු දෝණි තරහා අරන් යන් නැතුව ආය ඇඳේ ඉඳගන්න මේ සුදු තාත්ති ලඟින්..

අනේ අම්මපා කිරි ආතේ මට නෑනේ පොඩි බෝම්බයක් මේකාට කෙලලා දාන්ඩ.. සුදු දෝණි ට නිදිවදින්ඩ මේකා කියන කතා ඉවසන්ඩ පුලුවන් ද අපේ ආතේ.. අවුරුදු විස්සක් නෑ ඒත් සුදු තාත්තියෙක් වෙන්ඩ කතාව .. මටත් හොදම වැඩේ සුනාමියෙන් පස්සේ ඇච්චෙක් එක්ක පැටලෙන්ඩ ගියාට.. මුන්ගේ මොලේ තියෙන්නේ පුකේ කිරි ආතේ.. වයසට ගැලපෙන එකෙක්ට ප්‍රේම කරන්ඩ තිබ්බා මට කොල්ලෙක් උනාත්.. මට ගැලපෙන්නේම එහෙම බැලුවොත් අපේ කිෂෝර් තමයි .. මේ කොලුවා වගේ කට සොකඩ අත දරුවෙක් මට ගැලපෙන් නෑ ඕන්..ඔක්කොම හරි තෙල් උලන්ඩ අහද්දි බෑ ය කිව්වොත් හිත රිදේය කියලා මේකාට පිට කොන්දේ තෙල් උලන්ඩ දුන්න එකම තමයි මං කොරාපු වැරැද්ද . මේකා තෙල් ඉලුවා නෙමෙයි මයේ කොන්දේ ඉතුරු ටිකත් කැඩුවා පරයා.. තෙල් බෝතලේ ඇන්න ඇවිත් කමිසේ ගලවන්ඩ තනද්දි ම කෑ ගැහුවා "ඕක ගලවන්න ඕන් නෑ මං අස්සෙන් අත දාලා තෙල් ගන්නම් " කියාලා. එහෙම කොන්දේ තෙල් ඉලුවේ මොන වෙදාද අපේ ආතේ.. ඒත් කමක් නැ කියලා මේකාගේ ඇඳේ හාන්සි උනාම මේකා එක අතක් තුවාල වෙලා නිසා තනි අතෙන් තෙල් ඉලුවේ මයේ කොන්දේ.. තනි අතෙන් උනාට මොකද මේකා උලන්ඩ දන්න මංගල්ලයක් නෑ ..මයේ කොන්දම කෑවා මදිවට තව බැනගෙනත් ආවා.. ඒ නිසාමයි එකාව පැත්තකට තල්ලු කරලා මං ඇදෙන් බැස්සේ.. නැත්තන් මට කොන්දක් ඉතුරු වෙන් නෑ ඕන්..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now