15 : චූටී පෝරිසද පැටියා ....

685 105 110
                                    

"එරබදු අයියා ! උඹලාගේ ඩියේන් ආය ඇවිත් !!

මට ආරාණ්‍යා කැ ගහනවා ඇහුනේ සිහියත් අසිහියත් අස්සේ.. ඩියේන් .. මයේ පැටියා ආය ඇවිත්ලු.. ඒත් ඒත් ඇත්තටම ඒකෙන් හොදක් වෙයිද.. මයේ ඩියේන් ආවා කියලා තව දුරටත් වෙන හොදක් නෑ... මට ඕනි මං මැරෙන මොහොතේ විතරක් ඩියේන් ව දැකලා මැරෙන්ඩ.. අවුරුදු පහක් යන්ඩ කලියෙන් ඇයි උබ ආවේ මයේ ඩියේන් . ඩියේන් ව දකින්න ඕනි කියලා කඳුලු සැලුව මං ම ඒකා ආවාය කියද්දි කඳුලු වේලුන ඇස් පිහලා දැම්මා..ඊලගට මං බල බලා උන්නූ ටීවී එක වහලා දැම්මා..  ඩියෙන් ගොඩක් වේලාවට ඕකේ පෙන්නනවා මේ දවස්වල .. ඒකා හොලිවුඩ් නලුවෙක් වෙන්නලු හදන්නේ... ඉංගිරිසි චිත්‍රපටියක ලඟදීම ප්‍රධාන චරිතයක්ම කරනවාය කියලා කොයි වේලාවෙත් ප්‍රවෘත්තිවලටත් කියනවා ..ලංකාවේ සිනමාවට ආඩම්බරයක් ය කියන්නේ මයේ පොරිසාද පැටියා.. මයේ ඩියේන් දැන් සෑහෙන්ඩ ජනප්‍රිය තාරකාවක් ඕන්..  ඌ එනකන් මං කොච්චර මඟ බැලුවාද.. ඉස්සර ටීවී එක දිහා නොබලපු මං දැන් ඒකටම ඇබ්බැහි වෙලා.. පෝන් එකෙනුත් ආය ආය ඒකා රඟපෑව ඒවා බලනවා...කෙල්ලෝ එක්ක හාදු තියන ඒවානම් ඕන් මං යව යව බලන්නේ.. අවුරුදු හතරකට පස්සේ ඕන් හොලිවුඩ් කියලා ඒකා ඉංගිරිසි එකියකුත් ඉඹින්ඩ වෙන්නැති හදන්නේ ඔය.. මට ඊරිසියායි මයේ රත්තරනේ...

" ඔය සත්තමද ආරාණ්‍යා මැණිකේ !!

" උඹලාට මං බොරු කියනවාද එරබදු අයියා.. අපේ පැටියාගේ අප්පච්චී ඇවිත් ! දැනගත්ත හැටියේමයි මං මේ දුවන් ආවේ උබට කියන්ඩ..

ආරාණ්‍යා පිස්සුවෙන් වගේ කියවනවා.. ඒත් මං සතුටට වඩා බය වෙලායි ඉන්නේ.. මයේ හිත කලබලයි.. පහුගිය අවුරුදු හතරේ උනු හැමදේම මයේ ඩියේන්ට විශ්වාස කරන්ට පුලුවන් වෙයිද.. ඒකා මාව අවිශ්වාස කරයිද.. මයේ ඩියේන් මාව විශ්වාස කරයි නේද දලදා හමුදුරුවනේ !

" ආරාණ්‍යා මට...මට ඒකාව බලන්ඩ යන්ඩ ඕනී.. මයේ ...ආරාණ්‍යා ...මයේ ඩියේන් මට බලන්ඩ ඕනි !

" අපි කොළඹට යන් එරබදු අයියා.. අදම යන්.. මට...මටත් ඒකාගෙන් සමාව ගන්ඩ ඕනි..

ආරාණ්‍යා කියවන්නේ ඇස්වල කඳුලු පුරවන්... අවුරුදු හතරකට කලියෙන් එදා ඩියේන් මාව දාලා යන්ඩ ප්‍රධාන හේතුව ආරාණ්‍යා .. ඒකි ඩියේන් ට කියලා මගේ උරුමේ ඒකී බව..ඒකිගෙන් වෙන් උනොත් මං මැරෙන බව අවුරුදු හතලිහෙන්.ඩියේන් ඒ වේලාවේ ඇඬුවාලු.. පව් මයේ පැටියා...ඊටත් එදා ආරුනායක වලව්වට ඩියේන් ගෙන්නලා තියෙන්නෙත් එකී.. ඒකි මට ඩියේන් යන්ඩ ගිහින් මාසේකට පහු වෙලා කිව්වේ මෙව්වා අඬ අඬා.. මට ඒකීව මරන්ඩ තරහාක් ආවා.. ඒත් ඒකීව මැරුවා කියලා උනූ දේවල් වෙනසක් වෙයිද.. නෑ ඒකීව මරලා වැඩක් නෑ.. ඩියේන් ගිය එක හොදයි.. එහේ ඌ ආරාක්ෂිතයි..අවුරුදු හතලිහ ලබද්දිම මං මැරිලා යයි කොහොමත්.. ඒ නිසා ඒකා මෙහෙ නැති එක හොදයි..ඩියේන් ගිහින් මාසේකට පහු ඩියේන් ඇමරිකාවේ ඉන්නේ කොහෙද කියලා මං දැනගෙනත් ඌ හොයන් එහේ නොගියේ ඒ දවස්වල මං උන්නු තත්වේ එක්ක.. නැතිනම් සල්ලි ටිකක් වියදම් කරලා ඩියේන් ව හොයන් යන එක මට මහා ලොකු වැඩක් නෙවේ.. ඒත් මං ඉවසුවා.. මට ඉවසන්න උනා.. මට ඔක්කොටම වඩා පරිස්සන් කරන්ඩ දෙයක් තිබ්බා... එතකොට දැනුත් මට ඒ දේ රකින්ඩ වෙනවා.. මට ඩියේන් ව දැන්ම හම්බෙන්ඩ බෑ.. ඩියේන්වත් ආරාක්ෂා කරන්ඩ ඕනි නම් මට ඩියේන් ට ඇත්ත කියන්ඩ බෑ.. කිව්වාත් ඒකා පිලිගනියි කියලා මං හිතන් නෑ...

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now