" නුඹේ ආදරේ සොයාන්නා..
නුඹේ ආදරෙන් මා නිවෙන්නා..
හිතවත්කමක් තියෙන්නා..
බැරි වෙයිද නුඹේ අත ගන්න....??ඔන්න උදේම පටන් ගත්තා කසාදයක් කරගන් නැතුව මෝල් අමාරුව තද උනු වාත රෝමියෝ ගී ගයන්ඩ.. දැන් ඉතින් කොහොමද කියපල්ලාකෝ කනක් ඇහිලා නිදාගන්නේ.. ඊයේ රෑ වැස්ස නිසා සනීපෙට නින්ද ගියා.. දැන් උනත් හරි සනීප සීතලක් තියෙන්නේ.. මේ සීතල කියන්නේම මට තව නිදාගනින් කියාලා වෙද්දි උලමෙක් වගේ ඉන්න කිෂෝර් මට පරාල ඇනයක් උනා..කිෂොර් කිෂෝර් කිෂෝර් උඹ ඔය කන ලඟ මඳුරුවෙක් වගේ බෙරිහන් තලන එක නැවැත්තුවේ නැතිනම් මං උඹට ගහන්නේ නහය චප්ප වෙන්ඩ ...
" එරබදු මලේ නැගිටපන්.. මට කම්මැලියි . මාව මෙහෙම නොදන්න දිහාවක ගෙනල්ලා අතරමං කරන්න එපා අපේ හාමු මහත්තයා.. මගේ හිතට වේදනායි.. බලන්න මේ ඇස්වල කඳුලු..
" ගිහින් මැරියකෝ කිෂෝර් .. මට ඉන්ඩ දීලා...
අතට අහු උන කොට්ටෙකින්ම කිෂෝර් ට දීලා ඇඳලා මං ආය ඇස් පියාගත්තා.. මේකායේ විකාර හැමදාම දැකලා මට දැන් ඇති වෙලා තියෙන්නේ...
" නවයයි වේලාව නැඟිටපන් හාමූ කෑල්ල.. බෙහෙත් බොන්න තියෙනවා උඹට උදේට...
මොන බෙහෙත් ද අප්පාවේ මට බොන්ඩ තියෙන්නේ.. බෙහෙත් කියන්නේ මූ ඔය අර ජරහන්ත කිරි එකවත් පොව්වන්නද දන් නෑ තනන්නේ මට.. අප්පිරියාවේ නෑ සුදු කිරි.. ඇඟ හැදෙන්ඩ උනත් සුදු කිරි මට එපා කිරි ආතේ.. මං නෙවෙයි ඔන්න ඇස් ඇරියේ...
" කෝ ඕකා ඇහැරෙන් නැද්ද කිෂෝර් මහත්තයෝ...
ඈ වෙද ආතා මක්කද මයේ කාම්මරේ කරන්නේ...
" බොල ඔතෑනි හාමූ මඟුල .. නැගිටපියව් අර බෙහෙත් එක ඇල් වෙනවා..
" මො..මොන බෙහෙත් ද බොල ආතේ..
වෙදා බෙරිහන් තලද්දි නම් මං නැඟිටලා ඇඳේ ඉඳගත්තා .. මොකද වෙද අතා කතා කරන්ඩ ආවා නම් අනිවාරෙන් ම වැදගත් දෙයක් වෙන්ඩ ඕනි.. ඔය අපේ කිෂෝර් වගේ වැඩකට නැති ලබ්බවල් කියවන එකෙක් නෙවේ නෙවෑ ඔය වෙදා..
" උබලා අද ඉදන් මං දෙන මේ කාසාය බොන්ඩ ඕනි එරබදු හාමූ..
වෙද ආතා තේ කහට වගේ පේන මංගල්ලයක් දාපූ පොල්කට්ටක් මට දික් කරා.. ඇයි හත්වලාමේ මුන්ට මේක දාන්ඩ කෝප්පයක් මේ ගේ අස්සේ තිබ්බේ නැතුවද පොල් කට්ටකට දෙන්නේ.. මං වගේ එකෙක්ට ඔය පොල්කටු කෑලිවල කට තියන්ඩ පුලුවන් ද.. ඒක මයේ තත්වෙට හොද නෑ.. වෙද ආතා දික් කරපු පොල් කට්ට ගන්දෝ නොගන්දෝ කියලා මං දස අතේ කල්පනා කරා.. එක්කොත් මට බෑ ඔය පොල්කටු මංගල්ල අතටවත් ගන්ඩ.. රත්තරනින් කෝප්ප හදන්ඩ සල්ලි තියෙන මං පොල්කටු කෑලිවලට මොකට පීචන් වෙනවාද..
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥