22: අපි ආයේ නොයෙනා නිසා...

698 125 291
                                    

" අප්පත්තී තිංදුවක් කීන්නකෝ පුතාත..

වෑන් එක අස්සේ තිබ්බ නිහඬ බව බින්දේ බෝධී.. ඒකා ඩියේන්ගේ ඔඩොක්කුවේ ඉන්නේ දැනුත්.. සෙල්ලම් බඩු මහා ගොඩක් ඒකායේ ලඟ.. ඩියේන්ගේ පර්ස් එකට විඳලා වගේ පුත්තරයා.. මට තමයි රට කජ්ජක්වත් අරන් නොදුන්නේ මහා ලොකු අප්පච්චී  .. කිරි වෙහෙර මලුවේ ඉඳලා මේ වෙනකන් ඩියේන් මං එක්ක වචනයක් කතාකරේ නෑ.. ඊටත් මූනවත් බැලුවේ නෑ.. මොන මංගල්ලයක් වෙලාද කවුද දන්නේ... කොහොමත් ඩියේන් මෙතන උන්නු එකෙක් එක්ක කතාවක් නෑනේ අවශ්‍ය දේකට ඇරෙන්ඩ.. බුම්මන් ඉන්නවා මූන.. ඇස්දෙකවත් පේනවා කියලා ඈ අර කුට්ටම දාගෙන.. ඒකට මොකද බෝධී එක්ක නම් කතාව .. බෝධීත් හතර වටේට රව රව අප්පා එක්ක විතරක් සිරික්කිය දාන් කතාව.. ඒ පාර අප්පාට සිංදුත් කියන්නලූ.. කියයි බලන් හිටපන් මේන් කියලා.. බයිස්කෝප්වල මඟුල් නැටුවාට උබේ අප්පා අපි ඉස්සරහා කවද්ද ගීත ගැයුවේ....

"මගෙ ජීවිතේ.. සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ.. හැරදා කිසිදා..
තරු මිලීන වෙලා..
සඳු නෑ අද මගෙ ලෝකේ
බොඳ වී පැතුමන්‌.. මා හඬවා....

මොන මංගල්ලයක් ද ඒ උනේ.. ඩියේන් සිංදු කියනවා.. චූටී පෝරිසද පැටියා ඩියේන්ගේ ඔඩොක්කුවේ ඉදලා මං දිහාට එබිලා අවලන් විදිහට හිනා උනා.. ඔක්කොම හරි ඩියේන්ගේ සිංදුව පපුවටම වඳිනවා බොක් ගාලා...

"නවතා සුසුමන්‌.. හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ.. මගේ ජීවේ.....
තව එක මොහොතක්‌
නුඹෙ සෙනෙහේ මගෙ වේ නම්‌
තරු අතුරා.. අහසේ සරසන්නම්....

ඩියේන් උන්නේ මට එහා පැත්තේ සීට් එකේ වෙද්දි ඒකා උන්නේ බෝධීව ඔඩොක්කුවේ තියාන සීට් එකට හේත්තු වෙලා. සිංදුවේ ඒ පදපේලි ඩියේන්  කිව්වේම ලාවට මං දිහා පැත්තෙන් බලාන.. ඊටත් ඒකා සිංදුවේ මැද ටික කිව්වේ නෑ.. අර සිඳගන නුඹද මා සුරතලි ගාන ටික...

" නවතා සුසුමන් හැර යන්න එපා..
ඔබමයි ප්‍රියේ...මගේ ජීවේ...
තව එක මොහොතක් නුඹේ..
සෙනෙහේ මගේ වේ..න..ම්.. ම්හ්හ්... ඇතිනේ ආ ලිට්ල් වන්...

" අති අප්පත්ති ..

ඩියේන් සිංදුව ගයලා ඉවර කරා.. ඒකායේ කටහඬ අවසානේ බිඳිලා ගියාදෝ හිතුනා මට.. බෝධී සිංදුව ඉවර කරපු ඩියේන්ගේ කම්මුලක් උඩ හාද්දක් තිබ්බා.. ආරාණ්‍යා මැණිකේ කිෂෝර් එහෙම පුදුමෙනුත් පුදුම වෙලා. මෙපමණ කාලේකට බෝධී කියන්නේ මට ඇරෙන්ඩ වෙන එකෙක්ටවත් හාදු තියෙව්ව එකෙක් නෙවේ.. ඊටත් ඒකා ඔරවන් ඉන්නවා ඇරෙන්ඩ හිනා උනේ කවද්ද.. අද ඩියේන් දිහා බලාන මේකා හිනා වෙන එකේ ඉවරයක් නෑ.. මාත් උන්නේ පුදුම වෙලා.. අර නාකි වෙදා විතරක් ගනන් ගන් නැතුව විට හපනවා ඉස්සරහාට වෙලා ඉදගෙන.. කිෂෝර් හැරි හැරි බලන්ඩ ගිහින් වාහනේ ලයිට් කණුවකට හේත්තු කරයිද කියලා මට බය..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now