12. ලෝකේට හොරෙන්....

214 45 129
                                    

"ඩි..ඩියේන් එලියට ගිහින්.. ඔය ලමයි ඩියේන්ගේ කවුද ? යාලුවො ද ?

මට ගොතත් ගැහෙනවා.. මුන් ඩියේන්ගේ යාලුවො විතරක් වෙන්ඩ ඇති නේද කිරි ආතේ.. මයේ පපුව රිදෙනවා වෙද ආතේ.. බුලත් විට හප හපා ඔය කෙල්ලො දිහා බලා නොඉඳ මට බෙහෙතක් දීපන් පපුවේ ඇම්මට..!

" අපි ද අපි ආදීගේ girlfriend ලා...

" මො..කක්.. !!!

" අනේ ආදී අයියාආ..

මට සිහිය නැති වෙන්ඩ ආවා වෙද්දී අර බෝනික්කි වගේ එකී කෑ ගහගෙන ගිහින් කන්ද පැත්තේ ඉඳලා එන ඩියේන්ගේ කරේ එල්ලුනා!!! ඒකි ඩියේන්ගේ කරේ එල්ලෙද්දි ක්ලාන්තේ දායි කියලා බයට මං ලඟ උන්නු වෙද අතාගේ අතේ එල්ලුනා.. !!

" ගිත්මී... කෝ එහාට වෙනවා...

ඩියේන් ඇඟේ එල්ලුන එකීව අහකට තල්ලු කරලා දැම්මේ මං දිහා බලන්මයි.. මට තාම ඇරුන කට වහගන්ඩත් බැරි උනා නෙවෑ..

" ආදී අයියා ඔයා නම් මහා හොද නෑ.. ඔයා ආදරේ අක්කිට විතරයි "

ගිත්මි කියන එකි නහයෙන් අඬන්ඩ ගත්තා.. අක්කාටත් නෙමෙයි උබලාගේ ආදී ආදරේ මට කියන්ඩ හිතුනාත් මං කට වහාගෙන උන්නා වෙද ආතාගේ අතේම එල්ලිලා.. වෙද ආතා විටේ හපන ගමන් මට මහා කුරුවල් විදිහට හිනාවක් දැම්මා.. නාකී ආතේ උඹලා ඔය මට කියාලා දත් ටික ගලවගන්ඩ හදන්නේ..

" ඔව් මං තමුසේට ආදරේ නෑ පේන්න බෑ මට පිස්සි උබව.  කෝ අහකට වෙනවා ..

ඩියේන් අරකිට ඔලුවට ටොක්කකුත් ඇනලා ඒකීව පහු කරන් අර කොලු භාගේ ඉන්න තැනට ආවා.. මොක උනත් ඩියේන් අරකිට ටොක්කක් ඇනලා පේන්ඩ බෑය කිව්වේ තරහින් නම් නෙමේය කියලා මට හොදට පෙනුනා ආයුබෝවන්ඩ මූ ඒක කිව්වේ හුරතලේට ඒකිව අව්ස්සන්ඩ ඕනි ගානට..

"  ජිතූ.. ඔයාලා මෙහෙ ?? කොයි වේලාවේද ආවේ..එනවා කියලා කිව්වේත් නෑනේ..

කොලු භාගේ නම ජිතූලූ.. ලස්සන බෝනික්කි වගේ එකි ගිත්මීනේ.. ඩියේන් ජිතු කියන එකීව බදාගත්තා.. මං වෙද අතාගේ අත තවත් තද කරලා අල්ලගත්තා ඕන්.. මට නිකන් අපස්මාරේ ට වගේ.. පොඩි පරයා ඒකාගේ මනුස්සයා උනු මං ඉස්සරහාම කෙල්ලෝ බදාගන්නවා.. මේකා තනන්නේ මට පපුවේ ඇම්මක් හදවන්ඩ.. එක්කොත් ඩියේන් මට කරේ විහිලුවක් ද.. ඒකායේ හිතේ මං ගැන ආදරයක් නැද්ද දන් නෑ.. බොරුවක් ද මේකා මට කරේ කිරි ආතේ.. කිව්වාත් වගේ මේ කෙල්ලෝ දෙන්නාගෙන් එකියක් ඩියේන්ගේ අයිතිකාරිද දන් නෑ.. මට ඇත්තටම පපුවේ ඇම්මක් ඇවිත් ද මන්දා..  පපුව අස්සෙන් මොකෙක් හරි අල්ලලා මිරිකනවා වගේ රිදෙනවා....ඩියේන් එකීව බදාගත්තා මදිවට දැන් අත් දෙකින්ම අල්ලන් කතාව..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now