31: කිෂෝර්ගෙන් බැනුම්....

706 95 89
                                    

ඕතර්ගේ මානයෙන්  ...💚❤️

" මං කිව්ව එකට විරුද්ධ එකෙක් හරි ඉන්නවා නම් කතා කරපල්ලා ..

එරබදුගේ කටහඬ රැස්වීම් ශාලාව පුරා දෝංකාර දුන්නා.. විරුද්ධ උන්ට කතා කරපල්ලා කිව්වාට මොකද ඒ කටහඬේ තිබ්බේ විරුද්ද වියල්ලාකෝ බලන්න එකෙක් හරි .. මරලා එල්ලනවා වගේ ටෝන් එකක්.. පෝය දවස ඉවර වෙන්න ඔන්න මෙන්න තියාගෙන වෘකාත්ම හිමි උන් උන්ගේ වෘක වේෂයෙන් අරුනායක වලව්වට ආවේ හෙන කලබලෙන්.. පෝය දවසට උන් ඉබේම වෘකයෝ වෙනවා වගේම පෝය ගෙවෙනකම් මිනිස් ස්වරූපෙට එන්නත් බෑනේ තියෙන සාපය නිසා.. උන් එදා රෑට ආත්ම ගහා තියෙන කන්දට නැඟලා හද දිහා බලන් උඩු බුරන එක විතරයි කරන්නේ.. උඩු බුරනවා කිව්වාට මොකද උන් කරන්නේ සඳාත්මය ට ගෞරව කරන එක.. ඒත් අද උන් කන්දට ගියාට පස්සේ අරුනායක වලව්වේ චූටී මැණිකේ ඒ කියන්නේ රුද්‍රඝෝර වංශයේ නායකයාගේ බිරිඳ ආරණ්‍යා දැනුම් දුන්නා වංශ නායකයා අද විශේෂ රැස්වීමක් ගන්නවාය කියලා.. ඊටත් එන් නැති උන්ව මරලා දානවා කියලා.. වංශ නායකයා එන්න කියද්දි මොකාද නොගිහින් ඉන්නේ.. ඒකාට යන කේන්තිය වංශේම උන් හොදටම දන්නවා.. යක්ෂාත්මයක් ගානයි උන්ගේ මහාලොකු නායකයා. ඊටත් ලේසියෙන් වංශේ උන්ව හම්බෙන්නෙත් නෑ ඕකා.. දැනටමත් අවුරුදු කියක් ගෙවිලාද වංශේ උන් ඔය නායක එකාව දැකලා.  කියන්න තියෙන ලබු එක්කෝ ආරණ්‍යා මැනිකේ අතේ හරි වංශේ නායකයාගේ ප්‍රධාන ආරාක්ෂාකයා සමන්ත අතේ හරි එවනවා මිසක් ඔය නායකයා කියන එකා උගේ වලව්වෙන් දොට්ට බහින්නේ ම නෑ.. මල්වර උනු එකියක් ගානට වලව්ව අස්සේමයි.. ඔන්න දැනට සතියකට විතර කලින් නම් පුදුම හිතෙන දෙයක් උනා.. ඒ තමයි අවුරුදු දහාතුනකට විතර කලියෙන් මට ඕනි ආරාක්ෂාවක් නෑය කියලා එලවලා දාලා වගේ හිටිය වංශ නායකයාගේ ආරාක්ෂාවට හිටිය උන් සිය ආයෙත් නායකයාගේ වලව්වට දවස් දෙකකට විතරක් කැඳවලා තිබ්බ එක.. දවස් දෙක ඉවර උනු හැටියේ උන් ආය එලියේ.. හරිම අපුරුයි මේ වංශ නායකයාගේ කෙරුවාව.. වෘකයො කියන්නේ තමන්ගේ නායකයාට පක්ෂපාති සත්තු ජාතියක්.  උන් හෙන ආසයි උන්ගේ නායකයා එක්ක ඇසුරු කරන්න . නායකයාව දකින්න. වෘකාත්ම කියලා වෙනසකුත් නෑ.  උනුත් හරි මනාපයි උන්ගේ නපුරු වංශ නායකයා බැහැ දකින්න.  ඒත් උන්ගේ නායකයා ලැජ්ජාවෙන් ගෙට උනු අලුත ගෙනා මනාලි වගේ වලව්වෙන් එලියට අඩිය තියන් නෑ.. වංශේ සමහර උසස් උන් උන්ගේ ඔය නායක එකාව දුර ඉදන් හරි බලන්න හිතාගෙන වලව්වේ ඉස්සරහා දවසම රස්තියාදු උනාත් ඒකා නම් එන් නෑ එලියට.. ඔය හේතු නිසා නායක එකා දකින්න පෝය ගෙවෙන රෑ වෘකාත්ම මිනිස් ස්වරූපෙට එන්නත් කලින් අරුනායක වලව්වේ මිදුලේ පිලිවෙතින් පෙල ගැහුනේ මිනිස් ස්වරූපෙට එද්දි උන්ගේ ඇඳිවතත් නෑ කියලා අමතක කරලා.. අන්තිමේදි අරුනායක වලව්වේ ලොකු හාමු මහත්තයාට උනේ වංශේ උන්ට විලි වහාගන්න ඇඳුම් බෙදා දෙන්න පෝය ගෙවිලා රෑ දොලහා පනිද්දි .. හොද වේලාවට ගෑනු වෘකයෝ ටික අන්තිම තත්පරේ අරුනායක වලව්වේ කාම්මර අස්සට පැන ගත්තේ.. නැත්තන් එහෙම හරි වැඩක් තමයි වෙන්නේ ඕන්... කොහොමෙන් හරි වෘක රැලේ නායක එකා එද්දි පාන්දර එකත් පහු.. ඒකාට රැස්වීම අමතක වෙලා නිදාගෙන ..ආරණ්‍යා මැනිකේ ආය නියනඟල වලව්ව ට බඩගාලා තමයි එක්ක ආවේ.. එච්චර හොදයි වංශ නායකයාගේ වගකීම් සහගත බව.. නායකයා ආවාත් හරි වංශේ උන්ට සන්තෝසේ ඉහවහා ගිහින්.. ඔය වෘක නායකයා දිව්‍යලෝකේන් බැස්ස දේවදුතයෙක් ගානට ලස්සනයිලුනේ.. අවුරුදු ගානකට පස්සේ දකින වංශේ උන්ට හිතුනේ උන්ගේ නායකයා එන්න එන්න තරුන වෙනවා කියලා.. ඉස්සරටත් වඩා දැන් ලස්සනයි.. ඒත් හැමදාම වගේ මූනේ තිබ්බේ නපුරු පාටක් ... රැස්විම් ශාලාවේ උන්න ඔක්කොම දනින් නැමිලා නායකයාට ආචාර කරේ අත අල්ලන් ගෞරව කරන්න බැරි තරම් සෙනඟක් මෙතන ඉන්න නිසා.. මොකද වෘක රැලේ උන් ඔක්කොම මෙතන.. රැස්විම් ශාලාවේ ඉඩත් නෑ ඔක්කොටම .. උන් ඔක්කොම හිටගෙන තෙරපිලා වගේ හිටියේ.. වංශේ උසස් උන් නම් වංශ නායකයා ඉස්සරහා දන නමලා නායක එකාගේ අතේ පිටි අල්ල උඩින් නලල තද කරලා ආචාර කරා... මොනවා උනත් නායක එකා කරේ ඔක්කොටම රව රව උන්න එක විතරයි.. මොකට ඔච්චරම රවනවාද මන්දා.. රැලේ උන් දන් නෑනේ උන්ගේ නායක එකා ඒකාගේ මහාලොකු හොර මිනිහා එක්ක කෝල් එකකින් වලියක් දාගෙන තරහෙන් නිදාගෙන ඉද්දි ආරණ්‍යා මැනිකේ ගිහින් ඇඳන් ආවේ කියලා.. හොර මිනිහාට තාමත් හිතින් දෙහි කපන ගමන්ලු ඔන්න නායක එකා ඉන්නේ.. ඒකනේ මේකා මේ රවන් ඉන්නේ... ඒ අස්සේ නායක එකා වංශේ ඊලග නායකයා විදිහට ඒකාගේ පුතාව නම් කරා..සාමාන්‍යයෙන් නායක එකා මැරෙන්න ආසන්න උනාම ඒ කියන්නේ අවුරුදු හැට ලන් උනාම තමයි ඊලග නායකයා නම් කරන්නේ.. උරුමක්කාරයා බැඳගත්තාම අවුරුදු හැටෙන් නොවෑ වෘකාත්මයක් මැරෙන්නේ.. ඒත් ඊලග අවුරුද්දේ ගැලවුම්කාරයා ආත්ම ගහාට බිලි දුන්නාට පස්සේ වෘකාත්ම හිමි උන්ගේ ආයුෂ අවුරුදු දෙසියක් වගේ වැඩි වෙනවා.. බලවත්ම උන්ට අමරනීය පවා වෙන්න පුලුවන් . වංශේ බලවත්ම එකා සඳාත්මය හිමි රුද්‍රඝෝර වංශයේ නායකයා වෙද්දි ඒකා කොහොමත් අමරණිය වෙනවා.. එහෙව් එකේ මොකටද ඊලග නායකයා පත් කරන්නේ.. රැලේ උන්ට ඒක ප්‍රශ්නයක්..ඒත් උන් බයයි නායක එකාගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න... ඒ නිසා   විරුද්ද උන් ඉන්නවාද කියලා නායක එකා අහද්දිත් උන් කට පියාගෙනම උන්නා... ඊටත් විරුද්ධයි ස්වාමිනි කියලා අත් උස්සලා උසාවියේ වගේ කෑ ගැහුවොත් හොදටම විශ්වාසයි මෙතනින් යන්න වෙන්නේ නායක එකා අතින් පන ගිය වෘකයෙක් වෙලා.. නපුරු වෘක නායකයා දෙපාරක් හිතන් නෑ ඉන්න උන්ගේ බෙල්ල කඩලා හදවත පවා එලියට ඇදලා ගන්න.. අහෝ මේකා යක්ෂාත්මයකටත් වඩා නපුරුයි ..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now