" මං උබට ආදරෙයි රත්තරනේ.. මට ඕනි නෑ උබව මයේ කියලා කාටවත් හන්ගන්ඩ.. ඒත් මට අඩුම ටික දවසක් උබ එක්ක මෙහෙම ලඟින් ඉන්ඩ දීපන් ඩියේන්.. හැමෝටම හොරෙන් උබේ තුරුලේ ඉන්ඩ දීපන් නිදහසේ.. අඩුම සති දෙකක්වත්.. ඊලගට ඔක්කොටම කියපන් බැරි නම් කැලෑ පත්තර ගහපන් ගම වටේ හරි මං උබේය කියලා. ඊට පස්සේ එකදිගට එන හැම දේකටම මං මූන දෙන්නන්.. දැනට මට උඹව විඳින්න දීපන් රත්තරනේ..
මං ඒකායේ කම්මුල් දෙක දෝතින්ම අල්ලන් මයේ හිතේ තියෙන ඇත්තම කිව්වා.. අපේ අම්මා සරාංගි අක්කා මෙව්වා දැන ගත්ත දාක වලව්ව ගිනි ගොඩක් වගේ ඇවිලෙයි.. ඩියේන් ව ආය කොලඹ එක්කන් යයි..අම්මාට තාත්තාට එරෙහි වෙන්ඩ පුලුවන් වයසක නෙමෙයිනේ ඒකා ඉන්නේ දස පන්ඩිත උනාට තාම පොඩි එකා.. කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක සෙල්ලමක් නෙවේ.. වලව්වේ නම්බුව බල්ලාට යයි කියලා හැමෝම බෙරිහන් දෙයි මට.. ඔක්කොටම හපන් මං ආදරෙ කරන්නේ මයේ අක්කෙක්ගේ එකම දරුවාට.. උන් මොනවා නොකරයිද අපිව වෙන් කරන්ඩ.. ඩියේන් එහෙන් නලුවෙක් වෙච්චි කොට මේවා කොහෙන් හරි එලි උනොත් මොනවා වෙයිද.. මේ කොලුවාට මේවා තේරෙන එකක්යෑ.. ඒකා දන්නේ උඩු බුරන්ඩ විතරයි පනු කැසිල්ල වගේ..
" සි..හිලැල්.. සොරි.. මං...හිතුවේ නෑ..
ඔන්න ආය මූන ඇද කරගත්තා.. මේකා අත දරුවෙක් ගානයි..
" කෝ වරෙන් මයේ අම්මා මං ලඟට..
මං ඒකාව අතින් අල්ලලා ලඟට අරන් ආයේ තුරුල් කරගෙන හාද්දක් දුන්නා .. මයේ පැටියා උබ කවද්ද සන්සුන් වෙන්නේ.. හැමදාම ඇවිලිලා ම ඉන්නද කල්පනාව මෙහෙම.. ඉක්මණින් උබට දේවල් උගන්නන්න පටන් ගන්ඩ ඕනි...
" සිහිලැල් ..
" ම්ම්ම් කියාපන් මයේ අම්මා..
" මොනවා මොන විදිහට වෙනස් උනත් මං තමුසේගෙන් ඈත් වෙන් නෑ.. කවුරු මොනවා කිව්වාත් මං වෙනස් වෙන් නෑ..මේක පොරොන්දුවක්.. තමුසෙත් වෙනස් වෙන්න හිතන්නවත් එපා.. එහෙම උනොත්...
" මයේ ඩියේන් මයේ බබාව අත අරින් නෑ මං..
ඩියේන් මයේ අස්සේ ඉදගෙන වෙනස් වෙන්ඩ එපා කියද්දි ඒකාව ජිවිතේ තියෙනකම් අල්ලගෙන ඉන්ඩ හිතාන උන්නු මං ඒකාට උත්තර බැන්දා... ඩියේන් මයේ බෙල්ල පාමුල හාදුවක් තවරලා මයේන් එහාට උනා.. මෙච්චර වෙලා අයිතිකරයෝ නැති වෙච්චි බලූ පැටියෙක් ගානට මූන හදන් උන්න ඩියේන් ඔන්න දැන් ගිනි මකරෙක් ගානට ඔරවගත්තා.. මෙකායේ මූන හැමවෙලෙම ඔහොමයි හිනා පොදක් නෑ ... ඉඳලා හිටලා හිනා වෙද්දි මයේ ඩියේන්ගේ හිනාව පුර පසලොස්වක හඳ ගානයි.. වශි වෙලා යනවා පපුවම.. එකාතකින් ගත්තාම ඩියේන් හැමවෙලෙම හිනා නොවී ඉන්න එක හොදා.. නැත්තන් ඒ හිනාව දැකලාම මට වාව ගන්ඩ බැරුව හුස්ම ටික යන්නේ.. ඊටත් ඔය වෙන අයවලුන් මයේ කොලුවාගේ හිනාව දකිනවාට මං මානාප නැතුවා...
![](https://img.wattpad.com/cover/379056348-288-k348190.jpg)
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥