03 . නාකි හරකා &ලපටි තණකොල ..

853 123 271
                                    

දවස් යන්නේ හිතාගන්න බැරි වේගෙන්.. ආරාණ්‍යා වලව්වෙන් ගිහින් අදට දවස් හතරකුත් ගත වෙලා .. ඒ දවස් හතරේ මොනවාද නොවුනේ.. වලව්වේ මලගිය ඇත්තෝ කෝප වෙලා පුජාවක් කරන්න වෙන තැනටම .. අද හවස ඕන් වෙද ආතා ඇවිත් පූජාවක් කරන්න තනන්නේ .. ආරාණ්‍යා මැණිකේ මාව අත ඇරිය එකට මලගිය ඥාතියෝ මැණිකේ එක්ක විරසක වෙලා ..මැනිකේ ගෑවුන බඩුමුට්ටු පවා ඇස් ඉස්සරහා නැති වෙලා යනවා .. ඉස්සෙල්ලා ම ඇඳ ඊලගට පෝන් එක ඊලගට බාබන්ඩේසියා මල් වගාව ඊටත් පස්සේ මැණිකේ මට තෑග්ගකට දුන්න මෝටර් සයිකලෙත් තෙල් ටැංකිය පුපුරලා ගියේ මං ඉස්සරහාමයි.. තව පොඩ්ඩෙන් මාවත් මැරෙනවා එකේ ලඟ ඉඳලා .. ආරාණ්‍යා මැණිකේ තේ බිව්ව කෝප්ප විතරක් නෙමෙයි පිඟාන පවා ඉබේ රාක්කවලින් බිම වැටිලා කුඩු උනා.. ඊටත් මං මැණිකේ ගැන හිතන හිතන වේලාවට කකුල හරි පැටලිලා මාව බිම පතබෑවුනා.. අන්තිමේ මට තේරුනා වලව්වේ මලගිය ආත්ම තරහෙන් කියලා ආරාණ්‍යා මැණිකේ එක්ක .. මීට කලින් කවුරුත් මේ වලව් පරම්පරාවේ දික්කසාද වෙලා නෑ නොවැ.. ආරාණ්‍යා මැණිකේ මාව දාලා ගිය එකියක් නිසා වලව් ආත්ම කෝප වෙලා ඒකිගේ මතකයක්වත් ඉතුරු කරන් නැති ගානයි.. ඊටත් මාවත් මරයි මෙහෙම ගියොත් .. ඒ නිසාම වලව්ව අස්සේ ආරාණ්‍යා මැණිකේ ගැන හිතන් නැතුව ඉන්න මං ප්‍රවේශම් උනා. අකාලේ මැරිලා යන්න බෑ නොවෑ.. තාම වැඩි වයසකුත් නෑ .. නියනඟල වලව්වේ උරුමක්කාරයා අඩු ආයුෂෙන් මැරෙන්න ඕනි නෑ .. ඔක්කොම හරි යන්න කියලා පුජාවක් කරන එක හොදයි ..

" එරබදු හාමු කන්න ආවා නම් ..

" අර පොරිසදයා අදත් නොකාම ගියාද කුසුමා ?

" එහෙමයි අපේ හාමූ.. චූටි අප්පෝ අදත් ඔන්න උදේ හය වෙන්නත් කලින් කන්ද දිහා ට බඩගෑවා..

" ම්ම්ම්

සාරාංගි අක්කන්ඩිගේ අර පොඩි පොරිසදයා එදා කනට තලපු දවසින් පස්සේ මගේ මූන බැලුවේ නැති ගානයි.. ඒකාගේ තියෙන්නේ අමුතුම ගනකමක්.. ඒකාට තැලුවාට මා එක්ක අමනාපෙන් ද කොහෙද ..මාව මූනට දැක්කාත් මඟ ඇරලා යනවා නොදැක්ක ගානට මූනත් මක්කද කරගෙන .. දැන් දවස් දෙකක්ම ඔය පෝරිසදයා උදේ පාන්දර ම වලව්වෙන් ගිහින් ආය එන්නේ රෑ දහයත් පහු උනාම .. හොයලා බැලුවා ම මේකා වලව්වට ලඟම තියෙන කන්දේ කරක් ගහනවාලූ.. මිනිස් පුලුටක් නැතුව කැලෑ වැහිලා තියෙන කන්දේ මූ මක්ක කරනවාද මන්දා .. ඊටත් ඔය කැලෑවේ වන සත්තු වැහි වැහැලා .. මීට අවුරුදු පහකට කලියෙන් ඔය කන්දේ කරක් ගහන්න ගිහිල්ලා කැලෑ සතෙක් කාලා තමයි අපේ අප්පච්චිත් මැරිලා ගියේ.. වෘකයෙක් කියලා තමයි කිව්වේ කාලා තියෙන්නේ .. දරුනුවටම අප්පච්චී ට තුවාල කරලා තිබ්බා මොකා උනාත්.. එහෙව් භයානක සත්තු ඉන්න දිහා මේ පොඩි පෝරිසදයා කරක් ගහන්න ගිහින් මොනවා හරි කරගත්තොත් මං කොහොමද සාරාංගි අක්කන්ඩිගේ මූන බලන්නේ .. ඒකි මට හෙන ඉල්ලයි එකීගේ දරු පැටියා පරිස්සන් කරේ නෑ කියලා .. අහුවෙද්දෙන්කෝ ඔය පොඩි පෝරිසදයා මට .. තව දෙක තුනක් නෙලලා හරි වලව්වේ හිටපන් කියන්න ඕනි ..ඒත් ඌට එහෙම තලන්නත් බෑ පව් සුදු මූන රතු වෙලා කම්මුලේ ඇඟිලි පාරවල් තියෙද්දි හිත මොකද්ද වෙනවා .. මොනවා උනත් පොඩි එකා නොවැ.. ඒකාට තලන්න හොද නෑ ඕනිම නම් පොඩ්ඩක් බනිනවා .. කියන දේ අහයි සමහර විට ආදරෙන් කිව්වාම .. මට සිහි උනේ අපේ අප්පච්චී මාව හැදුව විදිහ .. අප්පච්චී කවදාවත් මට තරවටු කරලා නෑ .. මට ඕනි මොනවාද ඒ ඔක්කොම දෙනවා.. නියපිටින් පාරක් ගහලා නෑ .. අප්පච්චී කිව්වේම මිනිස්සු ඉස්සරහා වලව්වේ හාමු කෙනෙක් විදිහට හිටියාට හැම වෙලෙම තමන්ට ඕනි ජිවිතේ ගත කරන්න කියලා .. වලව්වේ ම හුරතලේ ට හැදුනු මාව සමාජේට හුරු වෙන්න කියලා කැලණිය විශ්වවිද්‍යාලේට යැව්වෙත් අප්පච්චී වගේම තමයි අවුරුදු දෙකක් ඉද්දි එපා වෙලා ආය ආව මට ගෙදර ඉදපන් වද විදින්න ඕනි නෑ කිව්වෙත් අප්පච්චිමයි.. නිතීය ඉගෙන ගන්න ගියේ රස්සාවක් විදිහට නෙමෙයි වලව්වේ දේවල් බලාගද්දි ඒවා ගැන දැනුමක් තියෙන්න ඕනි නිසා .. රස්සා කරලා සල්ලි හොයන්ඩ උවමනාවක් නෑ තව පරම්පරා දහයකට ඇති වෙන්න නියනඟල වලව්වේ දේපළ සල්ලි භාගේ තියෙන්නවා.. තේ වතු රබර් වතු පොල් වතු විතරක් නෙවේ කොලඹ දිහායින් අපේ නිවාස සංකිර්නයක්ම කුලියට දීලා තියෙන්නේ .. එවායින් සල්ලි කන්දරාවක් එනවා මාසේට.. ඊටත් තේ ෆැක්ට්‍රි එකක් තියෙනවා නියනඟල වලව්ව ට අයිති.. වලව්ම කීයක් තියෙනවා ද මගේ නමට.. එහෙව් එකේ තව රස්සා මොනවා කරන්න ද.. ලංකාවේ ධනවත්ම උන් අතර මගේ නම උඩින්ම තියෙනවා ..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now