" පුතා ඩියේන් ඔය පෝන් එක අස්සේම ඔලුව ගහන් නොඉඳ පොඩ්ඩක් එලියට පහලියට බැහැලා බැලුවා නම් නරකද හැබෑට ?
දවස තිස්සේම මේකා පුටුවකට පෙරලිලා පොන් එකට ඇඟිලිවලින් කොටනවා.. මොනවා ඔච්චර කොටනවා ද මන්දා.. අර ඉන්නවයි කිව්ව නාකි ගෑනු පරානේට මැසෙජ් කොටනවාද වෙන්ඩ බෑනේ දවස තිස්සේ ම කොටන්ඩ ඕනි නෑනේ එහෙනම් ..
" දැන් එදා අංකල්ම නේද කිව්වේ වලව්වට වෙලා ඉන්න කියලා .. දැන් මොකද්ද කියන්නේ ?
පෝරිසදයා කිව්වේ මං දිහාවත් නොබලා පෝන් එකේම මූන ඔබන්.. මේකා නම්...
" මං කිව්වේ අර කැලෑ පල්ලේ බඩ ගාන්ඩ එපා කියලානේ මයේ පුතා .. නැතුව මං කිව්වේ නෑනේ එලියට නොබැහෑ පෝන් එකේ මැසේජ් කොට කොට ඉන්ඩය කියලා
" කවුද මැසෙජ් කෙටුවේ .. මං මේ ගේම් එකක් ගහනවා..
ඒකා ගේම් ගහනවාලු.. මං දැක්කා ඔය පෝන්වල තියෙන ක්‍රිඩාවලට ඇබ්බැහි වෙන එක ඔක්කොටම වඩා නරකයි කියලා කොහෙදෝ කවුද පෝස්ටුවක් දාලා තිබ්බා... ඇස් දෙකටත් හොද නැතුව ඇති ඔච්චර ඕක දිහාවට ඇස් ගහන් ඉඳියාම.. නාකිච්චියක් එක්ක පෙම් බස් දොඩවනවාට වඩා නම් ඔය ක්‍රීඩා ව හොදයි එක්කොත්..
" ආ ඒක මිසක්.. ඒක නෙමෙයි පුතා දැන් අර නාකිච්චියෙක් එක්ක තියෙනවා කිව්ව පලහිලව්ව නැද්ද ?
ඔන්න එතකොට නම් පෝරිසද පැටියා පෝන් එකෙන් ඇස් උස්සලා මා දිහාව බැලුවා ..
" තියෙනවා ...
ගත් කටටම මේකා ඒක තියෙනවා කිව්වා නොවැ.. අනේ මන්දා දැන් හැදෙන සුනාමියෙන් පස්සේ පොඩි එවුන්ගේ කිසිම නෑ හැදියාවක් .. නැහැදිච්ච උන් මුන්... ප්‍රේම කරන්ඩ හොයන්නේම අක්කලා ඇන්ටියෙක් නැත්තන් සීනි අම්මෙක්..
" ඒ කියන්නේ ඔය දරුවා හැබැවටම නාකි එකියක් එක්කද දීග යන්ඩ තනන්නේ ?
" ඔව්..
ඒකටත් මූ කට හෝදලාම ඔව් කිව්වේ ආය පෝන් කඩිත්තුවට එබීලා ..
" ඩීයෙන් පුතා මේ වලව්වල උන් ඔහොම එවාට මානාප නෑ ..තරුන එකියක් නම් තව කමක් නෑ . ඒකටත් එක්ක හොයාන තියෙන්නේ නාකි එකියක්..
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥