ඇත්තටම මේ ටිවීවල බලන්න ආස හිතෙන එක මංගල්ලයක් යන් නෑනේ කිරි ආතේ.. ඒක මාරූ කරත් මේක මාරු කරත් වැඩකට නැති ලබ්බවල් යන්නේ... සාලේ සෝපා එකේ ඇලවීලා මං රිමෝට් එක අරන් ටිවී එකේ චැනල් මාරු කර කර හෙව්වේ බලන්න දෙයක්.. රෑ නවය පහු උනා විතරයි මේ ගෙදර උන් ඔක්කොම නිදිනේ.. හරි නම් මාත් නිදියන්න ඕනි තමයි.. ඒත් යකඩෝ නවනිංගිරාවක් මට උනේ.. අප්පායි පුතායි එකතු වෙලා මාව කාම්මරෙන් එලියට තල්ලු කරලා දොර වැහුවානේ . මෙහෙමයි උනේ මායි බෝධීයි නිදාගන්ඩ තනද්දි ඩියේනුත් කාම්මරේට ඇවිත් අපේ ඇඳට නැග්ගානේ.. එහෙම නටන්ට දෙන්ඩ පුලුවන් ද මං අහන්නේ.. ඇයි යකඩෝ මං ආරාණ්යා ව බැඳලා ඉන්නවා කියලානේ ඔය පොඩී පෝරිසද පැටියා හිතන්නේ.. එහෙව් එකේ මයේ කාම්මරේට රිංගන එක හරිද.. ඊටත් බෝධී මං ලඟ ඉද්දි ඩියේනුත් ආවාම මට නිකන් කිචි වගේනේ.. ඒක නිසා මං ඩියේන් ට එලිය ට පලයන් කියලා පොඩ්ඩක් කිව්වා.. එතකොට යකෝ ඩියේන් කියපි තෝට ඕනි නම් පලයන් කියලා.. මං අහන්නේ එහෙම කියන්න හොදද.. නෑනේ.. මොනවා උනත් මං පව්නේ . අන්තිමේ මං කියවන නිසා උන්ට නිදාගන්ඩ බෑ කියලා අප්පායි පුතායි මාව කාම්මරෙන් එලියට තල්ලු කරලා දොර වහාගත්තා.
" තමුසේට ඕනි නම් ආරාණ්යාගේ කාම්මරේට පලයන් එරබදු "
ඔන්න ඔහොම කියලා තමයි පොඩි පරයා මාව කාම්මරෙන් එලියට තල්ලු කරලා මූනටම දොර වැහුවේ.. චූටී පෝරිසද පැටියාත් මටම රව රව අප්පා එක්ක උන්නා.. මොන හු*තේ මිනිස්සුද මන්දා උන්.. ඕන් නෑ එකෙක් මට..
" අභී මේකට නම් උත්තරයක් ඕනිමයි.. ඔයා විවහා වෙනවා කියලා පැතිරෙන කටකතාව ඇත්තක් ද.. ?
තව පොඩ්ඩෙන් මං සොපා එකෙනුත් වැටෙනවා.. තරු අහසක් ද පිරි අහසක්ද මොකද්ද වැඩසටහනක මෙන්න ඩියේන් ඉන්නවා. වැඩසටහනේ නිවේදකයා ඩියේන්ගෙන් ප්රශ්න අහනවා.. තව ප්රසිද්ද කීප දෙනෙක්ම එතන ඉන්නවා පේනවා. ඔක්කොම හරි ඩියේන් කවද්ද මේකට ගියේ.. සජීවිව යන එකක් නෙවේ.. ඒ කියන්නේ කලින් රෙකෝඩ් කරපු එකක්.. ඒත් ඩියේන් ලංකාවට ආවාත් හරි මෙව්වාට ගියාද.. ඌ මං පස්සෙන්නේ හිටියේ ආව දවසේ ඉදන්.. මයේ ඇස්වලටත් වැලි ගහලා පොඩි පරයා මේවාගෙත් රිංගලා එහෙනම් මහා ලොකූ කසාදේ ගැන කියවන්ඩ.. හඤේ එරබදු ඒක බොරු කසාදයක් කිව්වාට මුලූ ලෝකේම උන් දන්නවා මූ කාසාදයක් කරගන්නවා කියන්න.. හරි අපි බලාගමුකෝ පොඩී පරයා කසාදයක් කරගන්න විදිහ.. ඩියේන් ඩියේන් ඩියේන් මං උඹව මකලා ආය අලුතින් අඳිනවා මා පුතා..
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥