06.අයිතියක් නැති උනත් අයිතියක් ..

178 41 87
                                    

ඩියේන්ගේ මානයෙන්.... 💚

මං හිටියේ කොටින්ම හොදින් නෙමෙයි .. පිස්සු හැදුන ගානයි.. කොහොමද එහෙම වෙන්නේ .. මට මතක් වෙන්නෙම ඊයේ උන දේ වෙද්දී හිතට බයක් එනවා .. මට මගේ සිහිලැල් ව දැනෙන් නෑ .. කොටින්ම එයාගේ මෙච්චර දවස් දැනුන සුවඳ පවා අතුරුදන් වෙලා .. මං ආසම මගේ එරබදු මලේ සුවඳ නැතුව හිත හිස් වෙලා දැන් .. ඊටත් එක එක ඒවා දහසක් හිත හිත කුටු කුටූ ගාන එයාගේ හිත මට තවත් ඇහෙන් නෑ ... ... මං හිටියේ මට වෙන් වුන මේ වලව්වේ මගේ කාමරේ . එකේ තියෙන ජානේලෙකින් එලිය බලාගෙන කල්පනා කරේ මට මොකද වෙලා තියෙන්නේ කියලා .. ඊයේ සිහිලැල් ව මිදුලේ දාලා ගෙට ඇවිත් මං කාමරේ ට රිංගුව පාර රෑට කන්නවත් එලියට ගියේ නෑ .. රෑම මට නින්ද ගියේ නැති තරම්.. දැන් උදේ දහයට ඇති .. සිහිලැල් ඇවිත් දෙතුන් පාරක් කතා කරත් මං නෙමෙයි උත්තර දුන්නේ ..මට එලියට යන්න හිතෙන් නෑ .. එයාව දකිද්දි මට අමුතු බයක් එනවා.. සදහාටම එයාව නැති වෙයි හිතෙනවා .. මට එයාව දැනෙන් නැත්තේ එයාව මට අයිති නැති නිසා හිතෙනවා ..මං ඒ නිසා කාම්මරේට ම වෙලා ඔහේ හිටියා..මගේ පවර් මට නැති වෙලා ගිහින්ද.. මට හිතුනේ එහෙම .. ඒ නිසාමයි මං හිතින් උත්සහා කරේ මං ඉස්සරහා තියෙන පොල් ගහේ ගෙඩියක් හරි වට්ටලා බලන්න ..මට මෙතෙන්ට පේන්න තියෙන්නේ පොල්ගස් පේලියක් හෙන උස.. එතනින් එක පොල් ගහක ගෙඩියක් මගේ පවර් එකෙන් බිම දාන්න තමයි මං හිතුවේ .. නාකී හාමූට ගස්වල පොල් කඩලා දෙන්න තමයි කොහොමත් මට ඉස්සරහට වෙන්නේ මෙහෙම ගියොත් ...

*දඩාස්

" හත් දෙවියනේ මගේ පොල් ගහා !!

පොල් ගෙඩිය කෙසේ වෙතත් හෙන ගැහුවා වගේ පොල් ගහම අරටුවෙන් ම කැඩිලා බිමට සමතලා වෙද්දී මට ඇහුනා මගේ නාකියා දෙවියෙක් ට බෙරිහන් දෙනවා.. සමහර විට හිතිනුත් දෙවියන්ට කියවනවා ඇති .. ඒත් දැන් මට එව්වා ඇහෙන් නෑනේ ...මගෙ පවර් එක තාම තියෙනවා කියලා මට දැන් විශ්වාසයි .. මට කොහොමත් ඕක පාලනේ කරන්න අමාරුයි .. මට ඕනි පොල් ගෙඩියක් කඩන්න නම් කැඩෙන්නේ ගහා.. මට ඕනි ගහා කඩන්න නම් ගහා අලු වෙලා ම යනවා .. ඔහොම තමයි ඩාම් වෙනවා ඩුම් වෙනවා ..

" වත්තේ තිබ්බ පරණම පොල් ගහා .. ඉවරයි .. සේන බලපන් මං ඕකට ගිය සතියෙත් මගේ අත්වලින් ම පොහොර පවා දැම්මා.. අරටුව දිරලාත් නෑ .. හොඳට තිබ්බ ගහට මොකද උනේ.. අපේ අප්පච්චී එක්ක මං ම ඉන්දුව එකක් මේ.. අවුරුදු තිහක් වෙන්ඩ එනවා .. අනේ අපරාදේ මොන හෙනයක් ගැහුවා ද මන්දා ..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now