08. ඒක ආදරේ තමයි ...

120 41 135
                                    

" එරබදු අයියේ මං එන්ඩද..

ආරාණ්‍යා මැණිකේ දැන් ටිකකට කලිනුත් කෝල් කරලා ඇහුවා එන්ඩද කියලා .. මං එපා කිව්වා හිතක් පපුවක් නැති ගානට.. දිගේ කටු ගාලා ගිය එකීව තවත් ඕනි නෑ වලව්ව අස්සට ගෙන්නන්ඩ.. ඒක ඒකිට වගේම මගේ නමටත් හොද නෑ .. ඒත් දැන් ටික ටික ඇතුලේ සීතල තවත් වැඩි වෙනවා .. දරාගන්ඩ බැරි තරම් ඇඟ ගැහෙනවා .. දත කටත් පූට්ටු වෙන්ඩ එනවා .. මං දන්නවා තව ටිකකින් මට මගේ සිහිය පවා නැති වෙන්ඩ අමාරු වෙනවා කියන්ඩ.. ටික ටික අත්වල නිල් පාටින් නහර පෑදේන විදිහ මං බලාන උන්නා..

" අ..හ්.. ක්...

ඇඟම ගිනි ගන්නවා හා සමානව වේදනා දෙනවා.. දාහඩියෙන් තෙමිලා ගිය ඇඳන් උන්න කමිසේ මං ම ගලවලා විසික් කරලා දැම්මා.. රත් වෙච්ච තෙල් තාච්චියක බැහැලා ඉන්නවා සමානව මගේ හම පිච්චිලා යනවා මට දැනුනා.. උහුලන්ඩ බැරි තැන කටෙන් කෙඳිරි ගෑවුනා .. පුර පෝය කියන්නේ සාපලත් වෘකාත්ම සම්පුර්ණ වෘකයෝ බවට පත් වෙන එකම දවස.. සම්පුර්ණ බලයත් එක්ක උන් වෘකයෝ වෙන දවස.. පෝය දවස ආරාම්භ උනු හෝරාවේ ඉඳලා ගෙවිලා යන හෝරාව වෙනකම්ම උන් වෘකයෝ වෙන පුර පෝය දවස.. උන් ඔක්කොම වැඩියෙන්ම සතුටු වෙන දවස.. ඒත් මට බෑ ඒක කරන්න .. වෙනත් උන් කිසිම වේදනාවක් නැතුව මිනිස් ස්වරුපෙන් වෘක ස්වරූපෙට වෙනස් වෙද්දී උන් ඔක්කොගෙම නායකයා වෙන මට විඳින්න වෙන්නේ වේදනාව විතරයි .. පුර පෝය කියන්නේ මං සමාන්‍ය මනුස්සයෙක්ටත් වඩා දුර්වල වෙන දවසක්.. නැගිටගන්න පවා පන නැති වෙන දවසක්.. මං ආසම නැති දවස පුර පෝය කිව්වොත් හරි.. මනුස්සයෙක් පන පිටින් ඉද්දි හම ගහන වේදනාව ට අන්තයි මං මේ විඳින වේදනාව ..

" අ..ම්මාහ්..... අහ්..

උහුලන්ඩ බැරි තැන මට අම්මා පවා සිහි උනා.. මං එහෙම්ම පොලොවේ ගුලි උනා.. වටපිටාව ම ගිනි ගන්න තරම් මට රස්නෙයි .. බිම් මහල අයිස් කපන්න තරම් සීතල තැනක් උනාත් මට දැනුනේ දරාගන්න බැරි රස්නයක්.. ඔලුව හත්කඩකට පැලෙන්න තරම් රිදෙනවා .. මං වේදනාව දරාගන්න බැරුව බෙරිහන් දුන්නා.. කාටවත් ඇහෙන් නෑ .. බිම්මහලේ සද්ද උඩට ඇහෙන් නෑ .. බිම ගුලි වෙලා දරාගන්ඩ බැරි තැන මං ඉඳගෙන කකුල්වල දනිස් අස්සේ ඔලුව ඔබාගත්තා .. කී සැරයක් ද මන්දා රිදෙන ඔලුවට අතෙන් ගහාගත්තා හරි සිහියෙන් ඉන්ඩ.. මං සිහියෙන් ඉන්ඩ ඕනි .. මේ මගේ දුර්වල ම වේලාව මේ වේලාවේ ඕනි එකෙක් ට පුලුවන් මාව මරා දාන්ඩ.. මාව මරලා දාන්නේ අපේ රැලේ එකෙක්ම නම් ඌට පුලුවන් වංශේ නායක එකා වෙන්ඩ.. මට එකෙක් විශ්වාස නෑ ඕකුන් .. මගේ බලේ නැති වෙලා කියලා කාටවත් නොකිව්වා උනත් ඕකුන් නොදන්නවා වෙන්ඩ බෑ ... ආරාණ්‍යා වෙද ආතා මයේ අම්මා තුන්දෙනා ට විතරයි මං ඕක කියලා තියෙන්නේ ..ඒත් වංශේ තව උන් නොදන්නවා වෙන්ඩ බෑ .. මේ අවුරුදු නවයට කී පාරක් මං මරු දකින්න ගියාද.. ආරාණ්‍යා මැණිකේ හිටපූ නිසා නොවේද මයේ පන රැකුනේ.. සාමාන්‍ය මනුස්සයෙක් උනු මාව එලියේ දි ආරාක්ෂා කරේම එකී.ඒකි පුර හඳ දවසට මන්තර වැට ලඟින් හෙලවුන් නෑ මාව දුර්වල ම වේලාවේ ඒකිගේ බලෙන් මගේ වේදනාව අඩු කරා.. පුර හඳ දවසට මන්තර වැටෙන් ඇතුලේ ඉද්දි උන් ශක්තිමත් මදි මාව මරන්ඩ .. උන්ට බෑ ඒක අස්සට එන්ඩ.. මං දන්නවා මොකෙක්ටවත් මට හිරිහැර කරන්ඩ බෑ මේක අස්සේදි.. මන්තර වැටෙන් එලියට නොයන තාක් මං පරිස්සන් .. ඒත් මන්තර වැටෙන් එලියේදි තවත් මාව ආරාක්ෂා කරන්ඩ ආරාණ්‍යා නෑ .. ඉස්සරහට මට ජිවත් වෙන්ඩ ම අමාරු වෙයි මෙහෙම ගියොත් .. මගේ බලේ මං ගන්නේ කොහොමද .. උරුම එකා නැතුව වෙන එකෙක්ව සහේට ගත්ත නිසා තමයි මේ හැම මංගල්ලේම.. බලන් යද්දී මට මෙහෙම වෙන්ඩම හේතුව ආරාණ්‍යා මැණිකේ තමයි .. කොහෙදෝ නැති සෙන්ට් එකක් උලන් ඇවිත් මාව කෑවා... ආහ්හ්හ්හ්හ් මාව මරාගෙන කාපන් ආරාණ්‍යා .. දත්මිටි කාගෙන උහුලන්ඩ පුලුවන් වේදනාවක් ද මේ මං විදින්නේ.. ටිකකින් මගේ අත් කකුල් පුපුරවලා යනවා මට දැනුනා.. වේදනාව කාගෙන මං අත් දිහා බලද්දී මං දැක්කේ අත්ලේ රේඛා පුපුරවලා යන විදිහ.. ඒ රේඛාවලින් අල්ලේ හම පුපුරලා කානූ වගේ දෙපැත්තට යන විදිහ .. ලේ ගලන අත් රිදුම් දෙනවා.. යටිපතුල් පවා පැලෙන වේදනාව මට දැනෙනවා .. ආරාණ්‍යා ඉද්දි මට මෙච්චර වේදනා දැනුන් නෑ ඒකීගේ බලෙන් ඒකි මාව සැනසුවා.. කොටින්ම ඒකි ඉද්දි මන්තර වැට අස්සේ පුර පෝය ගෙවෙනකම් මං කරේ නිදාගන්න එක .. මොකද ඒකි මට වේදනාව දැනෙන් නැති වෙන්ඩ මගේ සිහිය නැති කරනවා මන්තර වැටෙන් එහා ඉදන් එකීගේ බලය පාවිච්චි කරලා .. මන්තර වැට ඒකට විරුද්ධ උන් නෑ ආරාණ්‍යාගේ බලය මට වේදනාව අඩු කරන නිසා ද කොහෙද ..ඒ බලයෙන් සිහිය නැතුව තියෙනවා මිසක් මේ වේදනාව සිහිය නැති උනත් දරාගන්ඩ බෑ .. මට ඇඬෙනවා දරාගන්ඩ බැරුව මං කෑ ගගහා ඇඬුවා... මං මගේ ඇඟම පහුරු ගා ගත්තා පිස්සුවෙන් වගේ.. දරාගන්ඩ බෑ අපේ අම්මා.. මාව අද මැරෙයි වගේ.. මං මෙච්චර වේදනාවක් විඳිනවාමයි මෙහෙම උනු දා ඉදලා ...දැන් නම් මට හිතෙනවා ආරාණ්‍යා හිටියා නම් හොදයි කියලා .. ඒත් වෙද ආතා කිව්වානේ මොකද්ද භයානක මංගල්ලයක්.. ඒකීව හතර මායිමට ගෙන්නන්ඩ එපා කිව්වානේ... ඒ අස්සේ මගේ ඇස්වලින් පවා ලේ වැක්කෙරෙනවා .. මං මැරෙන්ඩ ද යන්නේ .. හුස්ම ටික ගන්ඩත් අමාරුයි දළදා හාමුදුරුවනේ .. නාහෙන් පවා ලේ බිංදු වැටෙනවා ... කටෙන් මං හුස්ම අල්ලන් ඉන්නේ .. මං මගේ පපුවම පහුරු ගා ගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now