30 : අලුත් පොරොන්දුවක්....

695 104 81
                                    

" බෝධී.. උඹලා මට ආදරේද..

" ඔනේ අම්මී.. බෝදි ආදලෙයි ..

" මෙතනින් ඉස්සරහාට අම්මි මොනවා කරත් මයේ රත්තරන්ට පුලුවන් ද අම්මි පැත්තෙන් ඉන්න..

" බෝදි කෝමත් අම්මි පත්තෙනේ..

" මයේ හොඳ පැටියා... දැන් නිදාගන්න..

බෝධීව ඇඳේ හාන්සි කරලා මං ඒකාගේ ඔලුව අත ගෑවා... මයේ බලෙන් බෝධිව නිද්‍රාවකට පත් වෙද්දි බෝධී එකායේ චූටී ඇස් මං දිහා බලන්ම පියා ගත්තා.. මයේ දරුවා නිදි.. ඒකාත් දවස් දෙකකටම... ඒකා ආයේ ඇහැරෙන්නේ දවස් දෙකකින්... සමහර තීරණ අපිට ගන්න වෙනවා ඒකේ ප්‍රතිඵල අපිව කොයි විදිහට රිද්දුවත්.. මට ඕනි නෑ මයේ චූටී පැටියාව මෙහෙම ඇඳක නිදිකරවලා තියන්න.. මං ආස ඒකා මේ වලව්ව පුරා අර මොකේද බෝඩ් එකේ නැඟන් හැම එකාටම රව රවා යනවා බලන්න.. කොච්චර මුරන්ඩු උනත් පොඩි දෙයක් උනත් මං ගැන ඕනැවටත් වඩා හොයන හැටි බලන්න.. අනිත් උන් ලඟ නපුරෙක් වගේ ඔරවන් ඉන්න ඒකා මං ලඟ ඕනැවටත් වඩා දොඩමලු වෙන හැටි බලන්න... ඒත් දැන්....

"එරබදු අයියා මට එන්න කිව්වේ ?

ආරණ්‍යා මැනිකේගේ කටහඬ ඇහෙද්දි මං බෝධී ලඟින් නැගිටලා ඇඳෙන් බැස්සා.. ආරණ්‍යා කාම්මරේ ඇවිත්.. එරබදු චරිතෙන් මිදිලා මං රුද්‍රඝෝර වෘක වංශයේ නායකයා කියන චරිතේට බැස්සා.. අත් දෙකත් පිටිපස්සට බැඳන් මං ආරණ්‍යා ලඟට කිට්ටු උනා..

" වංශේ උන්ට මේ පෝයේදි රැස් වෙන්ඩ කියාපන් ආරණ්‍යා .. එකෙක් හරි මඟ ඇරියොත් ඒ උන්ගේ අවසානේ..

" එහෙමයි ...

"  තව දෙයක් මේ මාලේ ඒක වංශේ මහා උන් ලඟට ගෙනියපන්.. උන්ට කියපන් මේකේ ශක්තිය සම්පූර්ණ වැඩි කරන්ඩ කියලා කොටින්ම මේකට රැද්‍ර ව්‍යාඝ්‍ර යක්ෂාත්මයක් මෙල්ල කරන්න පුලුවන් වෙන්න ඕනි...

මං බෙල්ලේ තිබ්බ මාලේ ගලවලා ආරණ්‍යා අතින් තිබ්බා.. මං කිව්ව දෙයින් ආරණ්‍යා සුදුමැලි වෙලා ගියා.. ඒකි ඇස් ලොකු කරන් මං දිහාව බැලුවේ.. රුද්‍ර ව්‍යාඝ්‍ර  යක්ෂාත්මයක් තියේන්නේ මයේ බෝධීට විතරක් වෙද්දි ඒකි බය වෙන සාධාරනයි.. මං මෙච්චර කල් මේ මාලේ දැම්මේ ඩියේන්ගෙන් ආරාක්ෂා වෙන්න වෙද්දි ආරණ්‍යා හිතනවා ඇති ඇයි මට බෝධිගෙන් ආරාක්ෂා වෙන්න ඕනි කියලා.. බෝධිගෙන් මට කරදරයක් වෙයිද කියලා මං බය වෙනවා කියලා ආරණ්‍යා දැන් හිතනවා ඇති.. ආරණ්‍යා මට මාලේ දුන්න එකී උනත් ඒකි දන් නෑ මේ මාලේන් ලැබෙන ප්‍රයෝජන හරියටම..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now