Trigger warning :
Anxiety / depression / bullying / self harm / sexual content / child abuse / drug abuse / strong language and more.
Read at your own risk.
𝓐ᥫ᭡.𝓐ᥫ᭡
ලේ බිංදු එකක්.. දෙකක්.. නෑ ගොඩක්.
බාත් ටබ් එකේ සුදු ලැවෙන්ඩර් සුවද සබන් පෙන රතු පාට කළා.
බ්ලේඩ් එක අතේ නහරට උඩින් හීන් ලේ පාට ඉරක් අදිනකොට හදවතේ එක ලේ ඉරක් මැකිල ගියා.
හූල්ල ඇරපු හුස්මක් එක්ක සහනයක් නහර දිග ගලන්න ඇරපු රන්දුල් , සබන් පෙණ අස්සෙ ඔලුව හංගගත්තා. කැපුම්වල සබන් වතුර වදිනකොට පිච්චෙන්න ගත්තා. ඒත් ඒ වේදනාව පපුව ඇතුලෙ පිච්චෙන වේදනාව නිවන වගක් රන්දුල් හිතුවා.
" අඩෝ හැපි කේක් ඩේ බොක්ක.. "
" Thanks මචං.. "
" හැපි බර්ත්ඩේ බොසා.. පාටි ඕනේ..! "
" ඒව යුතුකම් "
පන්තිය ඉස්සරහ ඉදලා චොකලට් කේක් බෙදාගෙන පිටිපස්සට එන රුද්විට නෝටිස් නොවී ඇස් පොත් අස්සෙම ඔබාගන්න රන්දුල් දත කාපු තරම්.. ඒත් අඩි හයක් විතර උස හීන්දෑරි ඇග කොහෙ සී ආර් පොතක හංගන්නද?
බුදු කුටියෙ ලෙලදිදී හරි හෙමිහිට ගලාගෙන පන්ති කාමරේ පුරාම ගලලා ජනෙල් වලින් එලියට වඩින හදුන්කූරු දැල්ලෙන් ගෙනාව නෙලුම් මල් සුවදටවත් රුද්වි ඉස්සරහ ඒ හිත නිවන්න බෑ. රුද්වි ලං වෙන්න වෙන්න රන්දුල් ගැහුනා. හිතම වෙව්ලුවා.
පොතයි කන්නාඩි දාගත්ත ඇසුයි අතරට ආවෙ අයිසින් රතුරෝස මලක් එක්ක ප්‍රනීත අයිසින් ශුගර් සුවදක් නාහෙට ගෙනාව ලොකු චොක්ලට් කේක් කෑල්ලක්.
රන්දුල්ට ඇස් උස්සල බලන්න හිතුන්නෑ. කේක් එක අරගන්න හිතුනෙත් නෑ.. ඒත් ප්‍රතික්ෂේප කරන්නත් බැරිකමක් දැනුනා. හැඟීම් සුනාමියක් වගේ හිත් වෙරළම සුන්බුන් කරද්දි රන්දුල්ගෙ අත්වල තුවාල පිහි තුඩක් ඉල්ලලා රිදෙන්න ගත්තා.
" ආහ්.. "
රුද්විගෙ හඩේ රැඳුනෙ නොරිස්සුමක්. උදේ රුද්වි අතින් ' වැරදීමකින් ' රන්දුල්ගෙ නළලෙ බේස්බෝල් බැට් එක වැදුණා. ඒ ඉදිමුම් බහින්නත් කලින් රුද්වි එක්ක ගනුදෙනු කරන්න තරම් මානසිකත්වයක් රන්දුල් ලඟ තිබුන්නෑ.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...