" චූටි පුතා... කොහොමද ගිය ගමන? "
" හොදයි අම්මා සීයා... "
" වොශ් දාල එන්න. මං අද... ආහ්.... පහළට එන්නකො. ඒක දැන්ම කිව්වම සප්‍රයිස් වෙන්නෙ කොහොමද? "
රන්දුල් හිනා වුණා.
දැන් රන්දුල්ගෙ ජීවිතේ වටිනාම කෙනා රන්දුල්ගෙ සීයා. රන්දුල්ට ඉදපු අන්තිම ලේ නෑයා රන්දුල්ගෙ සීයා.
අම්මා නැති වෙනකල් රන්දුල්ගෙ සීයා වැඩිපුර ආශ්‍රය කරන්න රන්දුල්ට ඉඩක් ලැබිලා නෑ.
රන්දුල්ගෙ අම්මා තාත්තව මැරි කළේ සීයගෙ වචනෙට පිටින්. සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධිවලදි නමයශීලීව වැඩ කරන්නෙ බාල පරම්පරාව.. තාත්තගෙ ආශිර්වාදය ගන්න පහුවෙලා හරි මහන්සි වෙන්නෙ දරුවා.
ඒත් රන්දුල්ගෙ අම්මා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. සීයා ඉක්මනින්ම සමාව දුන්නත් අම්මා සීයව තාත්තා හැරියට පිලිගන්න කැමති වුණේ නෑ. වෙඩින් එකට නාව එක ගැන කිය කිය පුංචිම වාදයකදි පවා සීයගෙ හිත රිද්දුවා.
රන්දුල් පුංචි කාලෙ සීයෙක් ඉන්න බවක් වත් දැනගෙන හිටියෙ නෑ. අම්මගෙ ඩ්‍රග් ඇඩික්ශන් එක දරුණු අතට හැරෙන්න හැරෙන්න කාත් කවුරුත් පිහිටට නැති වෙද්දි සීයට මේ ගැන ආරංචි වෙලා තිබුණා.
ගෙදරට ආවොත් රන්දුල්ගෙ අම්මා සීයගෙ ඇගට කඩාපනින බව දන්න හින්දා සීයා වැඩිය ඒ ගෙදරට ආවෙ නෑ. ඒත් ගෙදර වියදම්.. රන්දුල්ගෙ වියදම් සේරම මෙච්චර කාලයක් බැලුවෙ සීයා.
කොල්ලා අමාරුවෙන් ස්පැගෙටි කටවල් පහක් කාගන්න දගලන හැටි සීයා කන ගමන් බලන් හිටියා..
අන්තිම කට ඔක්කාරෙට ආවා. රන්දුල් සීයා දිහා බැලුවෙ ඇස්වල කදුලු පුරවන්..
සීයා ඔලුව වැනුවා.. රන්දුල් වතුර උගුරකින් බාගයක් යන්තම් තොල්වල ගාගෙන පිගාන අරන් නැගිටිද්දි අත් වෙව්ලන්න ගත්තා..
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...