මේ ලස්සන කියුට් cover pic එක තුන්න පුතුපැටියට ගොඩාක් ආදරෙයි 🙈🤍 ඒක සෝ කිවුට් අප්පා.. Thank you so so much 🥺🤍
මේ චැපිය එයා වෙනුවෙන් ම ලිව්වෙ අද 🙈🤍
#####
Trigger warning පලවෙනි චැප්ට එකේ දාල තියෙනවා. ආපහු මතක් කරනවා. ප්ලීස් ඉක්මනින් trigger වෙන්න පුළුවන් මොනයම් ම traumatic experience එකක් වත් තියෙන අය කියවන්න එපා... සතුටින් ඉන්න තමන්ගෙ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න 💙 ඕතර් ඔයාලට ආදරෙයි මහ හුගක් 🤍💫
#######
" අම්මි... "
රන්දුල් ගෙදර එනකොට සාලෙ අපායක්. බියර් කෑන්.. සිගරට් කොට.. අරක්කු බෝතල් සාලෙ පුරාම.
ඔතපු ගංජා සුරුට්ටුව කටේ ගහගෙන අම්මා සෝෆාවෙ ඔහෙ වැටිලා හිටියා.
පොඩි කාලෙ දැකල මතක ලස්සන අම්මා දැන් මෝහිනියක්. සුදුමැලි ඇග විසටම දියවෙලා ගිහින්. අම්මගෙ කොන්ඩෙ සතියකින් පීරල නෑ. සීයා තාත්තා එවන සල්ලිවලට අම්මා වැඩිහරියක් කරේ ඩ්‍රග්ස් ගන්න එක. ගෙදරට ඕන දේවල් ඔන්ලයින් ඕඩර් කරා. නැත්තං වැඩකරන කෙනෙක් ලවා ගෙන්නගත්තා. කවදාවත් ගෙදරින් එලියට බැස්සෙ නෑ.
පේරන්ට්ස් මීටින්ස්වලටත් යැව්වෙ ගෙදර වැඩට ඉදපු ප්‍රියලාල් මාමව.
" අම්මි... රූම් එකට යං.. "
" උබට... ඕන්නං... උබ.. පලයං.. "
අම්මා රන්දුල්ව තල්ලු කරාට රන්දුල් අම්මව දෑතින් උස්සල අරගෙන කාමරේ ඇදෙන් ගිහින් තිබ්බා. තියල පෙරෙව්වා. පොරවලා ඇද පාමුල ඉදගෙන අම්මා නින්දට වැටෙනකල් ඇදේ ඔලුව තියන් බලන් හිටියෙ අම්මගෙ ඔලුව අතගාන ගමන්.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...