| 26 |

1K 174 172
                                    







තව කවර් පික් එකක් දුන්නනේ 💛💫 එයාගෙ නම මෙන්ශන් කරන්න එපාලු.. ඒත් තෑන්ක් යූ සෝ මච් මැනික 😍 අනේ ඒකත් මාරම ලස්සනයිනෙ.

දැන් ඒ කවර් පික් එකින් එක මාරු කර කර දාන්න යන්නෙ... 😼 ඒ ඔක්කොම මාරම මාර ලස්සනයි 😍 එකක් තෝරන්න බෑ ඒ නිසා.




ආදරෙයි හැමදේටම 💓 ඒ වගේම වචනෙකින්වත් රුකුලක් වුන ඔයාල හැමෝටමත්




ආදරෙයි හැමදේටම 💓 ඒ වගේම වචනෙකින්වත් රුකුලක් වුන ඔයාල හැමෝටමත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.














𓂃 ࣪˖ ִֶָ⋅ᡣ𐭩 ་༘࿐




       රුද්වි හාදුව ආපිට හැරෙව්වෙ නෑ..







        ඒත්... මොහොතකටවත් ඒ රෝසපෙති තොල්වලින් ඈත් වුණෙත් නෑ.






         රන්දුල් ලොකු හුස්මක් එක්ක... තොල් පටල පටලා රුද්විගෙ කම්මුල දිගේ ගොලුබෙලි පාරක් වගේ කෙල ගාන් පාත් වුණේ රුද්විගෙ බෙල්ලට...






    රන්දුල්ගෙ හිනාව කාමරේ ප්‍රතිරාව නැංවුණා... නිම්නාද දෙන අල්තාර ගීයක් ඒක.







    " රුද්වී..... මට සතුටු හිතෙනවා රුද්වී.. " රන්දුල් හිනා වුණා... සද්දෙන් හිනා වුණා.





   රන්දුල් සද්දෙන් හිනා වෙනවා රුද්වි ඇහුවමයි...





    ලස්සනයි... ලස්සනට කියන සමාන පදයක් ඒ හිනාව.







     පන ආව බෝනික්කෙක්... රන්දුල් කියන්නෙ මායාවක්.






     අදුරු මායාවක්.. හූනියම් බෝනික්කෙකුගෙ ගහපු සර්ප දළයක් ඒ හිනාව. රුද්විගෙ සර්වාංගෙම දැව්වෙ මහ අහිංසකට ඉදගෙන.







      " පිස්සුද?.. "






රුද්වි මිමිණුවෙ නොරිස්සුමෙන්. රන්දම් වැල් දාල එකතැන බැඳලා වගේ... රන්දුල්ගෙ සිහින් අත්වල හිර වෙලා ඉන්න රුද්වි දැගලුවෙත් නෑ ගැලවෙන්න.






රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now