| 15 | Day 03 |

1K 166 174
                                    







       " හම්මාහ්... ඒසී එක කැඩිලද හුත්තො මේකෙ.. "









     " කටක් නෙවෙයි.. " රන්දුල් කිව්වෙ හේශාක්‍යට රවලා.. හේශාක්‍ය ටියුට් එකකින් පවන් ගහන ගමන් හිටියෙ බට්න් අප් ශර්ට් එකේ උඩ බට්න් එකත් ඇරගෙන..








       " මටනං ඉන්න බෑ රන්දුවා... බෑග් ඔහෙ තියෙද්දෙන්.. යංද එලියට? "








    " පිස්සුද? දැන් ස' එයි. "








   " ඌ එයි ඉතිං.. ආවම එමු.. දාඩියයි මේක අස්සෙ.. සාඩින් ටින් එක වගේ... ජනේලයක් දෙකක් තියපං මං කියන්නෙ. "








     " ශිල්පයක් පිහිටයිද ඉතින්.. " රන්දුල් කුටුකුටු ගගා බනිනවා අහන්නත් ආසයි හේශාක්‍යට. මේකා මුලින් දකිද්දි කතා කරන්න බැරුව ඇති කියල හේශාක්‍ය හිතුවෙ. ටිකක් ලඟින් ආශ්‍රය කරලා බලන්නෝන.. හුටු හුටු ගගා බනින්නෙ.. කනේ නොගෑවී හුරතල් කතා... ආතල් කතා දොඩවන්නෙ..







   " ඈ?.. " හේශාක්‍ය පිටියස්සෙ ඩෙස්ක් එකේ අත තියාගෙන හේත්තුවක් දාලා.. කකුල් දිග ඇරගන්න ගමන් සද්දෙන් ඇහුවම රන්දුල් ගැස්සුනා. පව් හිතුනත් එක්ක..







     " ගුරුවරුන්ට ඌ ඒකා මේකා කියලා කතා කරන්න හොදද?.. ශිල්ප පිහිටන්නෙ නෑ කියලා කිව්වෙ.."







      " ඉතින් උට ඌ නොකිය ඒකි කියන්නද?... "






   හේශාක්‍ය ඇහුවෙ අවුස්සල ගන්නමයි. රන්දුල් ඇස් රෝල් කළා.





     පොතත් ඇරියෙ වැදලා.. හේශාක්‍ය ටියුට් එකෙන් රන්දුල්ටත් පවන් පොඩ්ඩක් ගැහුවෙ දාඩිය කන පිටිපස්සෙ මතුවෙලා තියෙනවා දැකලා.







        " ච්... මොනවා කරනවද?.. "








" කූල් ඩවුන් මෑන්.. ආහ්.. හරි හරි.. අපේ ගුරු පියාණෝ.. සතුටුද?.. "







    " ගුරු පියානෝ බැරිනම් ගුරු වයලීන් හරි කියාගන්න.. මට මොකද?!.. "







  

   හේශාක්‍ය සද්දෙන් හිනාවුණේ පන්තියෙ දැනට ඉන්න ළමයින්ගෙ අවධානයත් අරන්.. රන්දුල් වටපිට බලලා පොත අස්සෙ ඔලුව ගහගත්තා. හැමෝම තමන් දිහා බලන් ඉන්නවා කියන හැඟීමට රන්දුල් පොඩ්ඩක්වත් ආස නෑ.







රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now