අත් දිග ස්වෙට් ශර්ට් එක ඇදගෙන ළමයි පන්සීයකට එහා ඉන්න ටියුශන් ක්ලාස් එකේ උදේ හතේ ඉදලා හවස හය වෙනකල් තැම්බෙන එක ලේසි නැතත්.. රුද්විගෙ හතේ කල්ලිය දිරවන එක ඊටවඩා අමාරු වෙද්දි ඉගෙනීමත් එපා වුණා..
රුද්වි ගොඩක් වෙලාවට නිහඩ චරිතයක්. සිගරට් කොටයක් ගහගෙන බැල්කනි එක පැත්තෙ හිටියා මිසක්.. කෑලි ටෝක් කිරිලි.. අනම් මනම් චාටර් සීන් මොකුත් නෑ..
ඒත් රුද්විගෙ රුදුරු පැත්ත අම්බානකට රහ බලල තියෙන රන්දුල් දැනන් හිටියා.. රුද්වි කියන්නෙ නරි රැලක් මැද නරි හම පොරෝගෙන ඉන්න තනි වෘකයෙක් කියන්න.
රුද්වි ඉලක්ක කළේ දරුණුවටම රිද්දන්න පුළුවන් තැන්.. බාගෙට රිද්දලා ගොං ආතල් ගන්නවා වෙනුවට අහස වගේ නිහඩව ඉදල ඉදලා අහස වගේම ධාරානිපාතෙට ඇගට කඩන් හැලෙනකොට ඇපත් නැති වෙන්න අකුණු කන්න.. ගෙරවිලිවලින් කන් අඩි පුපුරවාගන්න අහිංසක රන්දුල්ට සිද්ධ වුණා.
රුද්වි වෘක රජෙක් නම්.. රුද්විගෙ කල්ලිය නරි නම්.. පන්තියෙ අනිත් උන්...?
උන් දඩාවතේ යන බල්ලො වගේ.. බයයි කියල දන්න එකා අල්ලන් මඩෝනවා... රුද්වි ඩිංගක් රැව්වත් වෙව්ලනවා. නිවටකම....
උන් ඔක්කොම රන්දුල්ට ම වද දුන්නෙ රුද්වි අත ගැහුව හින්දා.. රුද්වි අවසර අරන් දුන්නා වගේ..
ඒ කවුරු කොහොම වුණත්.. ඒ ඔක්කොම ඉස්සරහ තමන් හා පොව්වෙක් ම විතරක් බව රන්දුල් දැනන් උන්නා. අහිංසක ශාකභක්ෂකයෙක්.. කාගෙත් ගොදුරක්.. කාටවත් රිද්දන්න.. තමන් ආරක්ෂා කරගන්න දෙවියොවත් එකම එක වරමක් නොදුන්න සුදුපාට අහිංසක හා පැටියෙක්...
හුරතල් වගේ පේනවා ඇති.. ඒත් ඒ ජීවිතේ හරි දුක්ඛදායකයි.. කටුකයි.. වේදනාකාරියි..
රුද්වි ඇවිත් පිටිපස්සෙ බංකුවෙන් වාඩිවුණේ හැක්ස් ටොෆියක් කොලේ ගලවල කටේ දාගන්න ගමන් රතු පාට ඉටිකොලේ රන්දුල්ගෙ ඩෙස්ක් එක උඩට දාගෙන.
රන්දුල් ඒක අරන් ඇගිලි අස්සෙ හිමීට නැව්වෙ පොතක් කියවන ගමන්..
![](https://img.wattpad.com/cover/380057496-144-k695052.jpg)
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
Lãng mạnSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...