" රන්දුල්... " කතා කරන පමාවට ඒ ඇස් බිමට හැරුණා..
හේශාක්‍ය එහෙම ලේසියෙන් අතාරින කොල්ලෙක් නෙවෙයි. ඉක්මනට ඊලඟ වචන ටික හදාගෙන රන්දුල් ඉස්සරහට පැන්නෙ කොල්ලා ආපහු හැරිල යන්න කලින්.
රන්දුල්ගෙ සුදු ඇදුම අනිත් කාටත් වඩා සුදෝසුදුයි.. නිල් පාට හයිලයිට් එකක් තිබුණ ඩිටර්ජන්ට් සේදුම්කාරක හින්දා රන්දුල් වැඩිපුර කැපිල පෙනුනෙ ඒ රන් පාට හමත් එක්ක.
" මට උදව්වක් කරනවකො රන්දුල්... ප්ලීස්. "
" ....... " කොල්ලා ඇස් උස්සල බැලුවම මදැයි..
හේශාක්‍ය හිනාවුණේ කටින් එකක් ම.
" කැන්ටීන් එකට යංකො.. මට පාර හුරු නෑ.. අතරමං වෙයි.. ප්ලීස් මචං.. ප්ලීස්?... "
රන්දුල් මොකුත් කිව්වෙ නෑ. ඉස්සර වෙලා හිමින් අඩි කීපයක් ගියා. නැවතිලා බලනකල් හේශාක්‍ය විශ්වාස කරේ නෑ රන්දුල් ඉල්ලීමට කන්දේවි කියල.
හේශාක්‍ය රන්දුල් ලඟට දිව්වෙ කෙලිලොල් හිනාවක් එක්ක.
" තෑන්ක්ස් මචං.. මං ගානෙ ටී එකක් දෙනවා.. බොන්නෝන.. "
" ..... " රන්දුල් ආපහු හැරුනෙ නෑහුන ගානට.
" ටී දෙකක් ඉල්ලල ඉවරයි. කෑම බීම නාස්ති කරන එක හොදද? ලෝකෙ අහිංසක පැටව් කොච්චරක් මේ මොහොතෙත් බඩගින්නෙ- "
කතාව නැවතුනේ රන්දුල් නැවතුනාම.. බිමට රවාගෙන හිටගෙන හිටියෙ දඩුවමක් ලැබිලා වාගෙ.
රන්දුල්ගෙ තිබ්බෙ අමුතුම හුරතලයක්. ඒ එක්ක අහිංසකකමක් මුහුවෙලා තිබුණා. ඒත් ඒ ඔක්කොටම පිටිපස්සෙ හිටියෙ දගකාර පොඩි එකෙක් වෙන්නත් පුළුවන් කියල හේශාක්‍යට දැනුණෙ ඒ බිමට රැව්ව විදිය දකිනකොට..
අතපය කඩලා මුල්ලකට දාපු දගකාර පොඩි එකෙක්....
" අයියා පරාටා පහක් දාන්ඩ.. "" හොදි එක්කද මල්ලි? "
" නැතුව ඉතින්- " රුද්විගෙ කතාවට බාධා වුණේ රන්දුල් කැන්ටීන් එකේ ඉන්නවා දැක්ක එක.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...