රන්දුල් ආපහු ඉස්කෝලෙ ආවෙ ටර්ම් ටෙස්ට් එක අල්ලලා...
තාම තුවාල කැලැල් මූණෙ තිබුණා.. ඒත් ඒ ඇස් දකින හැම වතාවකම හිනාවෙන එක රුද්විට මහ ප්‍රශ්නයක් වෙලා තිබුණා.
ටර්ම් ටෙස්ට් එක ඉවර වෙලා සතියකින් නිවාඩු දෙනවා. ඊට කලින් දවසෙ රත්මලාන Air force Museum එකටත්.. Airport එකටත් ෆීල්ඩ් ට්‍රිප් එකක් ලෑස්ති කරන් තිබුණෙ සෙක්ශන් එකේ ගුරුවරු.
රුද්වි බස් එක ලගට යද්දි හතයි ගානක්. මුලු පන්තියම තෘශ්නිම්භූත වෙලා තමන් දිහා බලන් ඉන්න හේතුව නොදැන ගිහින් බස් එකට ගොඩවෙලා හිස් සීට් එකක වාඩි වුණත් අද රුද්වි ලඟට සෙට් එකේ එකෙක්වත් බැස්සෙ නෑ.
රන්දුල් බස් එකට ගොඩවෙද්දිම නිලූකා මිස් ෆිසික්ස් පේපර් එක උස්සන් රන්දුල් පස්සෙන් ආවා.
" රන්දුල් ඉන්න. සරත් ස' රෑන්කින් ලිස්ට් එක හදන්න ඔයාගෙ ටෙස්ට් පේප එක හොයනවා අනේ පුතා මේක ගිහින් දෙන්න... ආහ්... මේ මාකින් ලිස්ට් එකත් ඒ ගමන්ම ගිහින් දෙනවද?... "
" හරි මිස්..... කොහෙද ස' ඉන්නෙ?... "
රුද්විගෙ කට කොනට ආවෙ හිනාවක්. තාම රන්දුල් කෙනෙක්ගෙ ඇස් දිහා කෙලින් බලන් කතා කරන්නෑ.. නහය කහනවා බෙල්ල කහනවා. මොකද්ද ඔප්පු කරන්න හදන්නෙ කියල දන්නැති වුනත් රන්දුල් කරන්න හදන්නෙ තමන්ගෙ පෞරුෂයත් මවාපාන්න කියල දැනගද්දි රුද්විට ආවෙ ක්‍රින්ජි ෆීලින්ග් එකක්....
රන්දුල් බස් එකෙන් බහිද්දි අලුත් කොල්ලත් රන්දුල් පස්සෙන් සයන්ස් සෙක්ශන් එක පැත්තට යනවා පෙනුනා. දෙන්නා ආය ආවෙ බස් එක අද්දන්න ඔන්න මෙන්න තියලා.
සරත් ස' තමයි නඩේ ගුරා. සරත් ස' එනකල් කොහොමත් මේ බස් එක ස්ටාට් වෙන්නෙ නෑ. ටීචස්ලට ඉඩ ඉතුරු කරාම වාඩිවෙන්න ඉඩ තිබුණෙ තව එක්කෙනෙකුට විතරයි.. ඒ රුද්වි ළඟ..
" රන්දුල්... "
" ආහ්... නෑ නෑ.. හේශාක්‍ය වාඩිවෙන්න. "
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...