" ආ... "
චොක්ලට් තවරපු ඩෝනට් එකක්..
රන්දුල් ඒක දිහා බලන් හිටියෙ බයික් එකට නගින්නෙත් නැතුව.
දොරකඩ ඉදන් සීයා බලාගෙන ඉන්නවද බලන්න රන්දුල්ගෙ ඔලුව ඉබේම ආපහු හැරුණා. සීයා අත වැනුවා. රන්දුල් හිනාවෙලා සීයට අත වැනුවෙ ආපහු හැරිලා.. ඩෝනට් එක අරන් බයික් එකට ගොඩවෙන ගමන්.
මේ සැරේ රුද්වි හෙල්මට් දෙකක් ගෙනත් තිබුණා. රන්දුල් හෙල්මට් එක දාගත්තෙ තනියෙන්.
" කටවල් දෙකක් කන්නෝන. "
රුද්වි කිව්වෙ සොල්දාදුවෙකුට අණ දෙන කපිතාන් කෙනෙක් වගේ..
රෑ එකක් කාල බේරුණා.. උදේ දෙකක් කන්නලු. හ්ම්.. රුද්වි කරන්න යන දේ රන්දුල් තේරුම් ගත්තෙ පහුවෙලා.
රන්දුල් වාද කරන්න ගියෙ නෑ. බයිට්ස් දෙකක් කියන්නෙ වාද කරන්න තරම් දෙයක් නෙවෙයි. සීයා හින්දා රන්දුල් බත් කටවල් තුන හතරක් කාලා.. ඔක්කාරෙට නෑවිත් තියාගන්න දැනටමත් ඉගෙනගෙන ඉන්නෙ. ඒත් හැමදාම ඒක කරන්න අමාරුයි. සමහර දවස්වලට ඇග හරි බරට දැනුනා. ඇටකෝටු අතපය එක්ක.. කලයක් වගේ බඩක් තියෙනවා වගේ දැනෙනකොට කිසිම දෙයක් කාලා සැනසිල්ලෙ ඉන්න අමාරුයි.
රන්දුල් ඩෝනට් එකෙන් පුලුවන් පුංචිම කටවල් දෙක කාලා.. ඉතුරු එක පේප බෑග් එකට දැම්මෙ රුද්වි බයික් එක පාරට දානවත් එක්ක.
" වැටිල මැරෙන්නද ඕනැ?!.. "
රුද්වි කෑගහපුවම රන්දුල්ගෙ අත් රුද්විගෙ බඳ වටේ පැටලුනේ ඉබේම..
ක්ලාස් එකට යනකල් රුද්විගෙ වැඩි කතාබහක් තිබුන්නෑ.
" කෑවද?.. "
රුද්වි ඇහුවෙ හෙල්මට් එක රන්දුල්ගෙ අතින් උදුරල අරගන්න ගමන්. ඒක බයික් එකේ එල්ලද්දි රන්දුල් අතේ තිබ්බ බෑග් එක රුද්වි දිහාට දික් කළා.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...