| 06 |

1.1K 164 25
                                    


Trigger warning : ඉස්සෙල්ල දාපු ඔක්කොම triggering subjects  ඇතුලත් වෙන්න පුළුවන්. මානසික සෞඛ්‍ය ගැන ගැටලුකාරී තත්ව තියෙන රීඩස්ල ප්ලීස්... මේ කොටස ස්කිප් කරන්න.... ඔයාලගෙ සෞඛ්‍ය යි වැදගත් ම 🤍 පරිස්සමෙන් ඉන්න....










   අම්මගෙ වළට අන්තිම පස් මිට දානකොට සිහිනැති වෙලා වැටෙනවා විතරයි රන්දුල්ට දැනුණෙ.. ආය ඇහැරුණේ ඇද උඩ..


       සෙනඟ පිරිලා ඉදපු ගෙදර ආයෙත් පාලුයි... මුසලයි... සුදු ජනෙල් තිර ලා තාලෙට ලෙලදිදී ආව හුළගත් මූසලයි...


   මුලු හිත් යායටම එක රතු රෝස මලක් නෑ... පිපුනෙ සොහොන්කොත් උඩ වැටෙන අරලිය මල් විතරක් වගේ..


     රන්දුල්ගෙ ඇස් දෙකොනින් කදුලු කැට දෙකක් රෝල් වුණා.. ඇගට පනක් නෑ.. අතපය කඩලා දාල වගේ වේදනා දුන්නා.



      අඩන ඇස් ගැනත් රන්දුල්ට දැනුණෙ කේන්තියක්..

   මේ අඩන ඇස්.. මේ දුර්වලකම...


  රන්දුල්ට ඕන වුණේ මේ නිවට ජීවිතේ අතාරින්න.. ඒත් ඒක කෙනෙක් හිතන තරම් ලේසි නෑ.. ධනාත්මකව හිතන්න.. කවුන්සල'ර් කීවෙ එහෙම.. ඒත් කොහොමද කියල කවුරුත් දැනන් හිටියෙ නෑ.. රන්දුල් දැනන් හිටියෙත් නෑ.




    ජීවිතේ ගැන මතක ඇති කාලෙ ඉදල යක්ෂ අත් යට දසවද විදිද්දි.. ධනාත්මකව හිතුවා කියල ඒ වදහිංසා නතර වුණා ද?...


  කාටහරි කිව්වොත් කියල අම්මගෙ ජීවිතේ ගැන තර්ජනය කරද්දි... ධනාත්මක චින්තනයෙන් ඒවට උත්තර ලැබුණද?

    ඉස්කෝලෙ ගැන මතක් වෙන වාරයක් ගානෙ කොල්ලන්ගෙ සමච්චල් කතා.. ඇදිලි තල්ලු කෙරිලි ගෙරවිලි තුවාල මතක් වෙද්දි.. ධනාත්මකව හිතුවම උන් නැවැත්තුවද?



   කන්න අතට ගන්න බත් පත ඔක්කාරෙට එද්දි ධනාත්මකව හිතුව කියල පිරිය ආවද?



   අතපය කැඩිල හැලෙන තරම් හීන් වෙලා ඇට පෑදෙනකොට... ධනාත්මකව හිතුවම නිකන්ම පිරිපුන් දේහදාරියෙක් වුනාද?...


    මානසික ආතතිය නහුතෙට තදවෙද්දි ධනාත්මකව හිතුවට ලොකු වෙනසක් වුණේ නෑ.. ඒක එහෙම්මම පහවෙලා යනකල් සැනසීමක් තිබුනෙ නෑ...



රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now