| 07 |

1.1K 183 105
                                    





     අම්මගෙ මරනෙන් පස්සෙ රන්දුල් ආපහු ඉස්කෝලෙ ආවෙ මාස තුනකට පස්සෙ.








     එදා බැල්කනියෙන් පහළට පනින්න ගිය රන්දුල්ගෙ අතින් ඇදලා පාතට දානවා විතරයි රුද්විට මතක.. රන්දුල්ගෙ සීයා කාමරේට ආවා..







    රුද්වි ඒ එක්කම රඹුටන් ගහේ අත්තට පැනලා ගහ දිග පහළට බැස්සා. ඊටපස්සෙ රන්දුල් ක්ලාස් එකකදිවත් දැක්කෙ නෑ.. රන්දුල්ට මොනා වුනාද කියන සිතිවිල්ල රුද්විගෙ හිතට මහ බරක් ගෙනාවා.








   සමහර විට ආයෙත් මොකකින් හරි පහළට පනින්න ඇති. නැත්තං නිදිපෙති බොන්නැති... ඒත් මැරුනා නම් ඉස්කෝලෙට ආරංචි නොවී තියෙන්න විදියක් නෑ.








මැරිල නම් ඒක රුද්විට අනුව සුභ ආරංචියක්. ඒත් ආයෙත් වතාවක් ඒ රඹුටන් ගහ දිග ගිහින් ඒක තහවුරු කරගන්න රුද්විට හිත දුන්නෙ නෑ. මේ මාස තුන පුරාවටම රන්දුල් ගැන කොච්චර මතක් වුණාද කිව්වොත් රුද්විට ඒ නම ඔලුවට එද්දිත් කේන්ති ගියා.








  අද රන්දුල් රන්දුල්මයි කියලා අදුරගන්න බැරි තරම් වෙනස් වෙලා.. ඇටසැකිලි ඇගේ මස් වඩලා... පිදුරු වගේ තිබුණ කොන්ඩෙට දිස්නයක් වැටිල.. කණ්නාඩි දෙක නං තාම තිබුණා. ඒත් සුදුමැලි කම්මුල්වලටත් රන් පාටට හුරු රතක් වැටිල තියෙද්දි.. ප්‍රතික්ෂේප කරන්න බෑ.. රන්දුල් රුද්වි දැකපු ලස්සනම කොල්ලා..










    ලස්සන... කඩවසම්..? 








දෙකම.. රන්දුල් කඩවසම් ලස්සන කොල්ලෙක්.









කොච්චර කඩවසම් ද කිව්වොත් ඒ සුදු කලිසමෙන් වැහුණ දිග කකුල්වල ඉදලා.. ෆ්‍රෙශ්ලි ට්‍රිම් කරපු කලු කැරලි කොන්ඩෙට එනකල් රුද්විගෙ ඇස් කාන්දම් වගේ ඇලිල තිබුණා. අහකට ගන්න බැරිතරම් තදට..








     රුද්වි ඇස් රන්දුල්ගෙන් අයින් කරගත්තෙ ඩෙස්ක් එක උඩින් පැනලා පන්තියෙන් එලියට දුවලා.. දාඩිය දානකල් රුද්වි පිට්ටනිය වටේ රවුම් ගානක් දිව්වා... අන්තිමට දණිස්වලට වාරු වෙලා අතින් බෙල්ලෙ මතුවෙච්ච දාඩිය බිංදු පිහදාන අතර හිතාගන්න ට්‍රයි කළේ... ඒ මොකද්ද ඒ වුණේ කියලා..








රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now