දොරට තට්ටු කරන සද්දෙ දෙපාරකට වඩා ඇහිලා... තුන්වෙනි පාර ඒ සද්දෙ කන් අඩි පැලෙන තරම් ඇහෙන්න ගත්තම තමයි රන්දුල්ට ඒත්තු ගියෙ මේක හීනයක් නෙවෙයි කියලා.
කකුල් වෙව්ලද්දි බාත් රූම් එකේ ටයිල් පොළවෙන් නැගිටලා.. සින්ක් එකට දෝත අල්ලලා කට සෝදගත්ත රන්දුල් කාමරේට කකුල් අද්දවගෙන වගේ ගිහින් දොර ඇරියා.
කන්නාඩි නොතිබුණ රන්දුල්ගෙ ඇස් නැවතුනේ අගල් කීපෙකින් උසින් වැඩි තරුණයෙකුගෙ පපුවෙ..
රන්දුල් ඇස් උස්සලා බැලුවා.
රුද්වි රන්දුල් දිහා බලන් හිටියෙ නිමේශයකට අඩුවෙන්.
රන්දුල් පැත්තකට තල්ලු කරගෙන කාමරේට එන රුද්වි අතේ චොක්ලට් චිප් අයිස්ක්‍රීම් බෝල් එකක් තිබුණා.
රන්දුල් දොරකඩ හිටගෙන හිටියෙ කාමරේට සර්පයෙක් රිංගුව ගානට.
සර්පයෙක්... ?
වෘකයෙක්.
දත් උල් නියපොතු දිලිසෙන දුශ්ට තනි වෘකයෙක්.
සර්පයෙක් නම් දෂ්ට කරලා නවතීවි. රුද්වි කියන වෘකයාට ඕනනම් පුලුවන් රන්දුල්ව කනපිට හරවන්න. කෙස් මස් ලේ නහර ඇටකටු කියලා වෙන වෙනම ගොඩවල් ගහන්න.
ඒක දන්න නිසාම රන්දුල් දොර වහන්න ප්‍රමාද වුණා. රුද්වි එක්ක කාමරේක තනි වෙන්න තරම් මෝඩයෙක් වෙන්න රන්දුල්ට පුලුවන් ද?!
රුද්විම ආපහු ඇවිත් රන්දුල් ඇතුලට ඇදල අරන් දොර වැහුවෙ ගිහින් තමන්ගෙ වගේ ඇදෙන් ඉදගන්න කලින්.
ලොකු හුස්මක් එක්ක රන්දුල් පොත් මේසෙට ගියා.
රුද්වි ඇදෙන් නැගිටල ඇවිත් පොත් මේසෙ උඩින් වාඩිවෙයි කියලා රන්දුල් හිතුවෙ නෑ.
" මොකද රවන්නෙ?... "
රන්දුල් ඇස් උස්සලා බලලා උකුලෙ තියෙන නියපොතු දිහා බලාගත්තා විතරයි. රුද්වියි රැව්වෙ.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...