| 03 |

1.2K 187 36
                                    




      " චූටි බේබි බත් කන්නැද්ද? මං අස් කරන්න හදන්නෙ.."


     ප්‍රියලාල් ගැනත් රන්දුල්ට දැනුනෙ තරහක්.

      මේ ගේ අස්සෙදිම රන්දුල්ට ප්‍රියාල් කීර්තිරත්න අතින් වෙන හැමදේම දැන දැන.. ප්‍රියලාල් මොකුත්ම ඒ ගැන නොකළෙ බය හින්දා වෙන්න ඇති.

   ප්‍රියාල් මැනික් ව්‍යාපාරිකයෙක්... මැරයෙක්.. දේශපාලුවන්ගෙ සහයත් ප්‍රියාල්ට දරුණුවට තිබුණා. ප්‍රියලාල් තමන්ගෙ ජීවිතේ වගේම තමන්ගෙ දරු පවුල ගැන හිතනවා ඇති කියල රන්දුල් ඒ තරහ හැම වතාවකම යටපත් කරගත්තා.


    රන්දුල්ගෙ තාත්තට වඩා ප්‍රියලාල් මිනිහගෙ දරුවන්ට ආදරෙයි. පිට එකෙකුටත් දෙන්න ආදරේ ඒ පපුව අස්සෙ නැතුව ඇති. තමන්ගෙ එකාට දෙන්න රැකවරණයක් ආදරයක් නොදරපු පපුවක උනුහුම හොයාගෙන ඉපදිච්ච රන්දුල් පිට පපුවකින් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?


      " මට ඇති ප්‍රියලාල්.. "



" බත් ටික අවුස්සලා විතරයි.. නොකා නොබී හිටියා කියල ප්‍රශ්න විසදෙන්නෑ චූටි බේබි.. "


     ' කෑව කියල විසදෙන්නෙත් නෑනෙ.. ' නොකිය නැගිටල කාමරේට යනකොට රන්දුල්ගෙ ඇගම වෙව්ලුවා.


        පොඩි කාලෙ පින්තූරවල පුලුන් බෝලයක් වාගෙ හුරතලේට ඉදපු ළමයා තමන් කියල රන්දුල් විශ්වාස කරේ නෑ. මතක ඇති කාලෙක රන්දුල් සතුටින් ඉදලත් නෑ.

     නොකා නොබී ඉදලම ඇට පෑදිලා ගිය අතපය කොයි වෙලේ කැඩිල හැලෙයිද කියල බය හිතෙන තරම් රන්දුල් කෙට්ටු වෙලා තිබුණා. ඒත් කන සේරම ආපහු ඔක්කාරෙට එන බව දැන දැන ඇගට වද දීගන්න මහ තෙහෙට්ටුවක් රන්දුල්ට දැනුනා.



      කවදාවත් නැතුව හඳ අද ලස්සනට පායලා.. වලාකුලු ටිකක් තැන් තැන්වල කිරිබත් කැට කපල තිබුණත් ඒ ඇරෙන්න අහසම පැහැදිලියි.. පුංචි තරු කැටත් පුංචිකාලෙ කියෙව්ව සුරංගනා කතා පොත්වල චිත්‍ර මතක් කරා.


        මොන්ටිසෝරියෙ ටීච තරම් කවුරුත් රන්දුල්ට ආදරේ කරලා නෑ.


රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now