| 18 |

1.2K 206 53
                                    






         රන්දුල් දොර දිහා බලපු විසි එක් වෙනි වතාව. රුද්වි ගැන්නා.









      " ගෙදර යන්න ඕනද?..." අන්තිමට ඇහුවෙ සැර කරලා.






   රුද්විගෙ ඉවසීම අද සෑහෙන දුරට සීමා සහිතයි.






     අද රෑ ' යුවාන් ' ගෙ ගෙදර ඉන්න සීයගෙන් අවසර ලැබිලා ඉවරයි. ඒත් රන්දුල්ගෙ හිත දෝලනය වුණේ දෙගිඩියාවක් අතරෙ.






         රන්දුල් දිග හුස්මක් එක්ක ඔලුව දෙපැත්තට වැනුවා.






         " මං මේකෙ දාගෙන ප්‍රාන ඇපේට තියාගෙන ඉන්නවා වගේ දොර දිහා බලන්නෙ එහෙනං!? "








     " රුද්වි... දෙයක් කිව්වොත් තරහ ගන්නවද?.. "







   " කියනවකො බලන්න. "






   අතකට ඔලුව වාරු කරගෙන පොත් මේසෙට බර වුණ රුද්වි රන්දුල් දිගා බලාගෙන හිටියෙ කතාව පටන්ගන්නකල්. පසුබහින්නෙම නැතුව රන්දුල් කට ඇරියෙ.. විනීතභාවය නිසා ඇහුවා මිසක්.. ඇත්තටම රුද්විට කේන්ති ගියත් නැතත් රන්දුල්ට වැඩක්ම නැති බව ස්ථිරසාරව පහදන්න වගේ.









       " මේක ඔයාගෙ පවුලෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් රුද්වි. ඒත් ඔය විදියටද ඔයා පවුලෙ ප්‍රශ්න විසදන්නෙ?.... තමන්ගෙ අයියට මහ පාරෙ දාගෙන ගහලා?... ඔයාලා තුන්දෙනාට ඔය තුන්දෙනා විතරයි ඉන්නෙ... අනික.. ඔයාලා තුන්දෙනාට ඔයාල තුන්දෙනා ඉන්නවා. ඔයාගෙ අයියා අහිංසක හින්දා ආපහු ඔයා පස්සෙන් මේ ගෙදරට ආවට.... ඉක්මනටම එයාට එපා වෙයි. එයා වැඩිහිටියෙක්නෙ රුද්වි. එයාටම කියලා ජීවිතයක් නැද්ද?. ඒකට ඔයා අනවශ්‍ය බලපෑම් කරන්න ගියොත් නං බොහොම ඉක්මනට එයාට ඔයාව අප්පිරිය වෙයි. "







     " නොදන්න මගුල්වලට කට නොදා ඉන්නවද?.. "



  රුද්වි මේසෙන් නැගිටලා ගියෙ වොශ් රූම් එකට. ටික වෙලාවක් ඒක අස්සෙ හැංගිලා ඉදලා ආය එද්දි රන්දුල් පාඩම් කරනවා.







    " අර ආව මිනිහා දැක්කද?.. "




ඇහුවෙ රුද්වි..






රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now