| 11 |

1.1K 175 60
                                    


" රන්දුල් මොකද තමුසෙට- "







" ම්.මගෙ ෆ්.ෆෝන් එකේ ඇති.. අහ්ම්මා සීයා කියල... කන්ටැක්ට් ලිස්ට් එකේ.. මාව පික් අප් කරන්න එන්න ක්.කියනවද රු.ද්වි.. "





ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙද්දි රන්දුල් පේමන්ට් එකේම එහෙම්ම වාඩිවුණේ තාප්පෙට පිට දීලා. කෝල් එක ගන්න කියල තමන්ට බැගෑපත් වෙන්නෙ නෑ ඒ අත් එච්චර වෙව්ලුවෙ නැත්තං කියන්න රුද්වි දන්නවා.







දාඩිය නාලා... සුදුමැලි වෙලා ගිය මූණෙ කෙස් ඇලිලා ගිහින්.. ඒ ඇස්වල තිබුණෙ බයක්... ඇග ගැහුණ විදියට රුද්විට මතක් වුණේ අක්කව.








රුද්වි දන්නෑ ඇයි එහෙම කරන්න හිතුනෙ කියලා. රුද්වි රන්දුල්ව වත්තම් කරගෙන බලෙන්ම නැගිට්ටල ගත්තා..






" අ-අම්මා සීයා- "







" මං තමුසෙ ගෙදරින් දාන්නම්.. ඊට කලින් මොනාහරි බීල ඉමු. රිලෑක්ස් වෙන්න බලහං.. ඕක පැනික් ඇටෑක් එකක්.... "








" බ්.බොන්නෝන්නෑ.. ම්.මට ගෙදර යන්න- "






" යකාවුස්සගන්නැතුව යංද?! " රුද්වි දන්න ලේසිම පහසුම ක්‍රමය සැර පුප්පලා තමන්ට ඕන දේ කරගන්න එක නිසා රුද්වි කෑගැහුවෙ. රන්දුල් ඒකට ඉක්මනටම යටහත් වුණා. ක්ලාස් එක ලඟ තිබුණ ජූස් බාර් එකට රන්දුල්ව වත්තම් කරගෙන ගිය රුද්වි පුටුවක් ඇදලා රන්දුල්ව වාඩි කරලා ගියෙ ජූස් ඕඩර් කරලා අරන් එන්න.







ක්ලාස් එන ළමයි හැමෝම ඇවිත් මෙතන පිරෙන නිසා කවුන්ටරේට ගිහින් ඕඩර් කරලා අරගත්තොත් මිසක්.. ලඟට ඇවිත් ඕඩර් අරන් යන්න තරම් සේවක පිරිසක් මේ පුංචි ජූස් බාර් එකේ හිටියෙ නෑ.










රුද්වි ඕඩර් එක දාල කවුන්ටරේට හේත්තුවක් දාන් බලාගෙන හිටියෙ රන්දුල් දිහා.. ගැඹුරු කල්පනාවක ඉන්න කොල්ලා විඩින් විඩේ ඇස්වල ඉදන් නළල වහගෙන අනිත් අතින් කලවයට එක දිගට තට්ටු කළා.. ඒ ගමන් අඩිය බිමට තට්ටු වුණේ එක දිගටම.







රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now