| 19 |

909 165 78
                                    




        කහ පාට ඇහැළ මල් ගහෙන් එකක් වැක්කෙරිල තිබුණා.





   නිරුද් හිටියෙ බස් හෝල්ට් එකේ.. සුදුපාට යුනිෆෝම් එකේ එදා වැදිච්ච මඩ පාර අදටත් නිරුද්ට එදා වගේ මතකයි.







      " මල්ලිද?... "







" හ්ම්... " 






     දිව්‍ය හිනා වුණා...





  " ගනන් ගන්න එපා. ඌ ඕවප්‍රොටෙක්ටිව්. සාමාන්‍යයෙන් කිසිම මල්ලි කෙනෙක් තමන්ගෙ අයියා ගැන ඔච්චර හොයන්නෙ කරන්නෙ නෑ නිරුද්. ඒකත් හොදයි. "








   " මම කොන්ද පන නැති රූකඩයක් හින්දා හොදයි. "







    " විකාර කියන්න එපා නිරූ.. " දිව්‍ය කිව්වෙ ලැප්ටොප් එක වහලා ඇදට එන ගමන්.






    නිරුද් දිව්‍ය ගැනවත්.. දිව්‍ය නිරුද් ගැනවත් මුලින් කැමැත්තක් ප්‍රකාශ කළේ කවද්ද.. මේවා මේ තරම් දුර ආවෙ කොහොමද කියන එක මතකයේ හිස් තැනක් විතරයි. එහෙම දෙයක් වුණේම නැති තරම්.







    එදා ට්‍රිප් එක ගිහින්.. නිරුද්ගෙ හොටෙල් රූම් එක දිව්‍ය එක්ක බෙදාගන්න සිද්ධ නොවුණනම් අදටත් නිරුද් කියන්නෙ දිව්‍යගෙ ස්ටුඩන්ට් කෙනෙක් විතරයි.








   දිව්‍ය දන්නෙ නෑ නිරුද්ගෙ හිතේ තිබ්බෙ මොනවද.. නිරුද් ඊට කලිනුත් තමන්ට කැමැත්තෙන් හිටියද කියන්න.








     ඒත් නිරුද් කියන්නෙ දිව්‍යගෙ හැමදේම වෙලා දැන් මාස දෙකක්. කාත් කවුරුත් නැතිව ගෙවිලා යන දිව්‍යගෙ අනාත මාරුතයක් වගේ ජීවිතේට නිරුද් කියන පුංචිම තුත්තිරි පදුර අහුවෙලා ඉවරයි. දැන් ඒ පුංචි කොල්ලා දිව්‍යගෙ ජීවිතේට තියෙන එකම පිහිට වෙලා ඉවරයි.








     " හොයනවා කරනවා වෙනයි. වෙන අයියෙකුට අත ඉස්සුවනම් මේ වෙද්දි ඌ බත් කන්නෙ වැලමිටෙන්. "







    " උට බටු ඇටයක් වාගෙ අයියෙක් ලැබුණෙ උගෙ වාසනාවට. "






   දිව්‍ය කිව්වෙ හිනාවෙවී.







   " අනේ මේ... මගෙ ඔලුව රිදෙනවා අයියෙ. "








රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now