| 12 |

1K 188 62
                                    








       " රන්දුල් පේන්න නැත්තෙ ඇයි සීයා? "







     රුද්වි ඇහුවෙ වැස්සෙම සීයගෙ කාර් එක අරන් ලඟම සුපර්මාකට් එකට ගිහින් අරන් ආව බඩු පුරවපු ශොපින් බෑග් ටික කිචන් අයිලන්ඩ් එක උඩ තියන ගමන්.










      කිචන් එක මාරම පිළිවෙළයි. පිරිසිදුයි. ජනෙල් කවුළු වටේටම තිබුණ හින්දා වැස්ස හරි ලස්සනට විදිලි එළිවලින් ආලෝකමත් වෙලා රිදී පාට පුංචි පුංචි හිම කූරු වගේ බිමට කඩාගෙන හැලෙන දිහා බලාගෙන උයන එකත් භාවනාවක්.










      රන්දුල් මුලින්ම කළේ ලෙමන් ටික පිටට අරන් සින්ක් එකට අල්ලලා හොදට සෝදපු එක. කටින් බෝඩ් එකේ තියලා කපනවත් එක්කම මුලු කුස්සියම ලෙමන් යුෂ විසිරිලා දරන්න බැරිතරම් සුවද වුණා.










     " රන්දුල් ඉතින්... පොතකට වද දෙනවා ඇති රූම් එකට වෙලා. පුතා දැන් මොනවද හදන්න යන්නෙ? "








    " හදන්න යන දේ සප්‍රයිස් එකක්. සීයා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බලලා ගෙස් කරන්න බලන්න. "










      " හ්ම්ම්........ අපි බලමූ... මෙතන ලෙමන්ස් තියෙනවා... චිකන්...... එතකොට..... මොනාද මේ... ෆිශ් සෝස්.... ස්පයිසස්... ගෙදර තියෙන දේවලුත් ආපහු උස්සගෙන ඇවිල්ලා... මට ගෙස් කරන්නනං බෑ. පුතා මාව සප්‍රයිස් කරන්නකො එහෙනං.. "









     සීයා නිතරම හිටියෙ සැහැල්ලුවෙන්. රුද්වි හිනා වුණේ සීයගෙ හැඩරුව එක්ක රන්දුල්ව ගලපලා...










  " සීයා රන්දුල්ගෙ අම්මගෙ තාත්තා වෙන්න ඕන. "








    " ඔව්. ෆේස් ශේප් එකෙන් ඒක දැනගන්න තරම් යුවාන් රන්දුල්ව දන්නවා වගේ.. "








     සීයා බස්තම පැත්තක තියලා ගිහින් පුටුවක් ඇදල අරගෙන වාඩි වුනේ ලූනු සුදුලූණු ටිකක් සුද්ද කරන්න හිතාගෙන.







     " නෑහ්... රන්දුල් අම්මා සීයා කියලා ඇඩ්‍රස් කරනකොට ඉතින් ඒක ඔබ්වියස්නෙ. "







රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now