" රන්දුල්.. "
" ම්ම්..... "
" මට නින්ද යන්නෙ නෑ මචෝ... " රුද්වි නැගිටලා ඇදේ වාඩි වුණේ රන්දුල් දිහා හද එළියෙන් බලාගෙන.
වැහැලා.. පිනි බිංදු විසිරිච්ච ජනෙල් කවුලු අතරින් එන පුර අටවක හඳ එළිය රන්දුල්ගෙ රත්තරන් පාට කම්මුල්වල තව රන් කුඩු තැවරුවා.
මැඩියෙක් සහේට ගන්න ආලවන්තියක් අඩගහ ගහ වතුර වලක බැහැලා අඩනවා ඇහුණා.... කනාමැදිරි ජනේලෙට එපිටින් බැල්කනියේ පෝච්චිවල හිටවපු ඇට්ටේරිය අතුවල එල්ලි එල්ලි වෙසක් තොරණ් මවනවා ගහේ හැම කොලේකම යටි පැත්තට වෙන්න..
තණකොළපෙත්තෙක් ඉදලා හිටලා අඩනවා ඇරෙන්න මුලු පරිසරයම නිහැඩියාවෙ ගිලිලා තිබුණා..
සීතල හුළං ඉදලා හිටලා සේද තිරරෙදි එහාමෙහා කරගෙන අඩවල් කරපු බැල්කනි දොරෙන් ඇතුලට පියමං කරද්දි රුද්විට රන්දුල්ට වෙනදට වඩා පපුවට ලගින් දැනුණා..
ඒ කම්මුල් එච්චර ලස්සන වෙන්න හේතුව රුද්විට දැනගන්නම ඕන වුනා.
රන්දුල් ඔලුව හරවලා බැලුවා. රුද්වි ශර්ට් එක ගලවලා පැත්තකට දැම්මෙ ශර්ට් ඇදන් නිදාගෙන නුහුරු හින්දා..
" රස්නෙද?... මට සීතලයි.. "
රන්දුල් ඇහුවෙ පොරෝන ඩුවේ එක බෙල්ලට ලං කරන් වෙව්ලන ගමන්.
" මටත් සීතලයි. ඒත් මං නෝමලි ඇදුම් ඇදන් නිදාගන්නෙ නෑ "
" .......... රුද්විට ඕනනං තව බ්ලැන්කට් එකක් ගන්න.. මගෙ ක්ලෝසට් එකේ තියෙනවා. "
" හෙට නිවාඩුනෙ... කයියක් දාමුද?... " රුද්වි කොට්ටෙ හරවලා.. රන්දුල් පොරවගෙන ඉදපු ඩුවේ එකෙන් බාගයක් ඇදලා අරන් ඇගට දාගත්තෙ රන්දුල් දිහාට හැරිලා අතකට වාරුවෙන ගමන්..
" මං කයියවල් දාන්න ආස නෑ.. "
රන්දුල් ඒක කිව්ව විදිහට රුද්විට හිනා ගියා..
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...