| 25 |

1.4K 206 176
                                    

















       " හේශාක්‍ය... මම හීනයක් දැක්කනෙ.... " 






         හේශාක්‍ය සුප් හැන්ද කලතන ගමන් ඉදපු හැන්ද බෝල් එකට අතෑරලා... ස්ටූල් එකේ ඉදගෙන ඉන්න ඉරියව්ව මාරු කළා..





       පස්ස හිරිවැටිලා. ඒත් රන්දුල් ලඟින් අයින් වෙන්න හිතක් හේශාක්‍යට තිබුන්නෑ.







      රුද්වි ආය එන එකක් නෑ. මහ කලබලේකින් අයිසීයූ එකෙන් පිටවෙලා යන රුද්වි.. කතා කළත් හේශාක්‍යට උත්තර නොදීම ඉලවේටර් එකට නැංග හැටි හේශාක්‍ය මතක් කළා.





    ලොකු හදිස්සියක් වෙන්නැති.







  සමහර විට ගෙදරින් කතා කරන්නැති.







       " හොද හීනයක්ද... Nightmare එකක්ද?... "






       " මංදා.. "





   " මංදා?... "





   " ................. "







   රන්දුල් කන්න ලෑස්තියක් වත් නැති හින්දා... දැනටම නිවිලා ගිය සුප් එක හේශාක්‍ය බෙඩ්සයිඩ් ටේබල් එක උඩින් තියලා... ටිශූ එකක් අරන් රන්දුල්ගෙ කට වටේ පිහදැම්මෙ පරිස්සමට...






   හරියට... ඇගිල්ලක් වැදුනොත් රන්දුල් බලන් ඉද්දි ගැලවිලා... කෑලිවලට කැඩෙයි වගේ..







      රන්දුල් දිහා බලන කාට වුණත් එහෙම හිතෙන එක සාධාරණයි.




      හොස්පිට්ල් ගවුන් එක ඇදන් ඉන්න කොල්ලගෙ ඇගට පොරවන ශීට් එක වැටුණම ඇටසැකිල්ලක් පොරවලා තියලා වගේ... හේශාක්‍යට දැනුනෙ මහ කලකිරීමක්..







     සෞඛ්‍යසම්පන්න වුනානම්.. රන්දුල් කොච්චර ලස්සන කොල්ලෙක් වේවිද.. ඒ ගැන නොහිතා ඉන්න රන්දුල් දිහා ඇහැක් හරවන කාටවත් ම බැරි වුණා.






    ඒ කම්මුල් පිරුණනම්... මලානික... මූණ යට ගිලුනු ඇස්වලට දිස්නෙ වැටිලා පන ආවනම්.... ඒ තොල් පිම්බිලා හිනාවක් ආවනම්.. පිදුරු වෙලා වියලුන කොන්ඩෙට දිස්නෙ වැටුනනම්... රන්දුල් තරම් හැඩ කොල්ලෙක් ලංකාවෙන් හොයාගන්නත් බැරුව යන එක සහතිකයි.








රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now