" රුද්වි... තමුසෙ කොහෙද ගියෙ?! "
" අක්කට කන්න දුන්නද?! "
තමන් අහපු ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දීගෙන ගෙට ගොඩවුණ රුද්වි... සිගරට් කොටේ බිම දාල පාගගෙන අක්කගෙ කාමරේ දිහාට යන දිහා නිරුද් බැලුවෙ ඇස් රෝල් කරන්..
සිගරට් එක අතුගාලා තිබුණ බිමින් අහුලලා ඩස්ට් බින් එකට දාපු නිරුද් රුද්වි පස්සෙන් ගියෙ.. මේ ප්‍රශ්නෙ මෙහෙම ඉවර කරලා දාන්න බැරි තරම් දුර යන බවක් පෙනුන හින්දා.
පවුලෙ වැඩිමලා විදියට තමන්ගෙ මල්ලිව කන්ට්‍රෝල් කරලා තියාගන්න බැරි හේතුව හිතාගන්න නිරුද් සෑහෙන මහන්සි වුණා. ඒත් අම්මයි තාත්තයි නැති ගෙදරට තාත්තෙක් වෙන්න තරම් මෝරපු නැති එක තමන්ගෙ අඩුපාඩුවක් නෙවෙයි කියන එක තේරුම් ගන්න නිරුද්ට සෑහෙන අමාරු වුණා.
" රුද්වි!..... "
" අක්කට බෙහෙත් දුන්නද?.. "
" ඔව්.. ඔව් මම කන්න දුන්නා.. බෙහෙතුත් දුන්නා.. නෑව්වා. දැන් තමුසෙ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනවද?! තමුසෙ- "
" රතු වුණාම හුරතලේ.. ඔච්චර කියුට් වෙන්නෙපා.. නෑනෙක් ගෙදර ගේනවා වෙනුවට මස්සිනෙක් උස්සගෙන යන්න ආවොත් මට උන් එක්කත් මරාගන්න වෙන්නෙ. "
නින්දෙ ඉදපු කෙල්ල ඇස් පියාගෙනම සිරික්කිය දාද්දි රුද්විත් ඇහැක් ගහල හිනා වුණා විතරයි. නිරුද්ට මේක ඇති වෙලා තිබුණෙ.. කවදාවත් නංගිවත්... මල්ලිවත් නිරුද්ව සීරියස් ගන්නෙ නෑ.
යන අයාලෙක යන්න ඇරලා නිකන් ඉන්න හිත හදාගන්න මෙච්චර අමාරු මොකද..?!
අයියා නිරුද් වුනත් රුද්වි ඒ වගේ දෙගුණයක් උස මහතයි. නිරුද් හැදෙන වයස ඉවර වුණත් රුද්වි තව උස ගිහින් ඉවරත් නෑ.
" අපි අයියව දෙමු මස්සිනෙකුට..! " අරලියා ඇවිස්සිල තියෙන කොන්ඩෙ කහ කහ ඇදෙන් ඉදගත්තා.
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...