ප්‍රියාල්ගෙ ඇස්....
ඒවා රන්දුල්ගෙ ශෝටට යටින් පේන... රන් පාට වෙලා පිරීගෙන එන.. ලා රන් කෙදි වගේ හීන් කෙස් තුඩු යන්තම් පෑදුන කලවා දැකලා තද කලු පාට වුණ ඉක්මන..!
රන්දුල් ආපහු හැරුණා... ආපස්සට අඩියක් තියන්න එතන ඉඩ නොතිබ්බ බව දැක්ක කොල්ලා ඇදට වැටුණෙ කකුල පැටලැවිලා..
පපුව ගැහුණෙ.... ලේ සුවද බේරෙන ලේ වෑස්සිලා ලෙයින්ම කලු වුණ ලී කොටේට බෙල්ල තියවිච්ච... අහිංසක බැටලු පැටියෙක් වාගෙ..
ලේ තැවරිච්ච මන්නෙ ඔලුවට උඩින් උස්සගෙන තොල් ලෙවකන මස්වැද්දා දොරකඩ හිටගෙන හිටියෙ පැනලා යන්න තියෙන මඟ අවුරගෙන..
රන්දුල්ගෙ හුස්ම තවදුරටත් පපුවෙන් එළියට එන්න බයටම හිර වුණේ පපුව අස්සෙම... රන්දුල් හුස්ම ගන්න දගලන තරමට.. හුස්ම පෙනහලු අස්සෙ කුහරවලටම වාත්තු වෙලා හැංගුණෙත් එලියෙ යක්කු ඉන්න හින්දා..
ප්‍රියාල් නැවතුනේ නෑ.. ඇද පාමුලටම ආවා.. ප්‍රියාල්ගෙ ගොරෝසු... ජරා අත්ල තමන්ගෙ කම්මුලේ ගෑවෙද්දි රන්දුල්ව ඇදටම තියලා ගැටගැහුවා වගේ දැනෙන්න වුණා... පැනලා දුවන්න කොච්චර උවමනා වුණත්... සදලුතලෙන් පහළට වැටිලා හරි මෙතනින් ගැලවෙන්න විතරක්ම ඕන වුණත්.. රන්දුල් ඇදටම තියලා තදට දම්වැල් දාල ගැටගහල වගේ... එක මාංශපේශියක් හෙලවුණේ නැත්තෙත් උනුත් බය හින්දම වෙන්න ඇති..
හැමදේම ප්‍රියාල්ට වාසියට..
දෛවය කළේ බොරුවක් නේද?.. පව් ගෙවලා කෙලවරයි වගේ පෙන්නලා.... ඒ කර්ම ආපහු අරන් ඇවිත් හදාගන්න දගලපු ජීවිතේ මැදට අතෑරියා...
රෝස දඩු යායක් හිටවනකල් අහස කලු කර කරා ඉදලා... අකුනු පවා කොට කොටා ඉදලා.. වැහි ලිහිණිත් වලාකුලු අරන් ඈතට ඉගිලිලා ගියෙ අහස තනි හිස්තැනක් කරලා... ඉරට ඇතිතරම් පුච්චන්න ඉඩ දීලා..
රන්දුල්ගෙ ඇහැ කොනේ රැදිච්ච කදුලු බිංදු දෙක... ඒදෙක විතරක්ම නිර්භීතව කඩා හැලුණා.. ප්‍රියාල් පාතට නැවුණෙ රන්දුල්ගෙ රෝස පාටට පිරිපුන්ව නෙරලා එන තොල් තමන්ගෙ දුමේ වේලපු කරෝල වාගෙ රලු තොල්වල ගාලා තුවාල කරන්න තදියමේ...
YOU ARE READING
රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |
RomanceSCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකය...