| 21 |

1K 170 82
                                    












       " රවාගෙන පැත්තකට වුණේ මං හුරතල් කරයි කියලද?.. "





   රුද්වි ඔලුව පිටිපස්සෙ අත් තියන් කොට්ටෙට බර වුණා.






    රන්දුල් ඔලුව උස්සලවත් බැලුවෙ නෑ.නියපොත්තක් හප හප එහෙම්ම හිටියා.





       සුදුලූණු රතුලූණු එක්ක පොල්තෙලේ බැඳෙන සුවඳ ආවා. නිරුද් කුස්සියේ ඇති. කොල්ලව කෙල්ලෙකුට දෙන්න ලෝබ හිතෙන තරම් රහට ඌ උයන එකනම් ඇත්ත. ඒ පුංචිම කාලෙ ඉදන් බාල නිවුන් සහෝදරයටයි සහෝදරීටයි උයලා කන්න දීලම ලබපු හුරුව වෙන්නැති.







   රුද්විට ඒ ගැන මතක් වෙද්දි.. අතක් උස්සපු එක ගැන දුකකුත් නොහිතුනා නෙවෙයි.




    ලොකු හුස්මක් එක්ක රුද්වි නැගිට්ටෙ රන්දුල් ඉස්සරහා  දණක් නවලා බිමට නැවෙන්න.







     " කිරි ඕනද?... "






රන්දුල් රැව්වා.






       " තොත්ත බබා.. නැගිටලා පාඩම් කරනවා.. නිදිමත යන්න ගේම් එක පටන්ගත්තෙ. තමුසෙ නලවන්න නෙවෙයි. "








        රවාගෙන නැගිටලා ගිහින් මේසෙට වාඩි වුණේ රත්තරන් පාට හම තියෙන කෙට්ටු උස කොල්ලා.







     රුද්වි ගිහින් ජනෙල් එක්ක බැල්කනියෙ දොරවලුත් ඇරියෙ උදේට සඳලුතලෙන් ගලාගෙන එන හීතල මුහුදු හුළගට... ජනෙල්වලින් එබිකම් කරන උදා ඉරු කිරණ උරච්චි වුණාම.. ඒ සැපට ගහන්න සැපක් රන්දුල් විදලා නැතුවත් ඇති කියලා හිතලම.











          රුද්වි කාමරෙන් එළියට ගියෙ රන්දුල් පොත් දිගෑරගනිද්දි. ඉක්මනට ෆෝකස් මෝඩ් එක ඔන් කරගෙන ගානක් හදන්න ගත්තෙ රුද්වි දීපු ෆූල්ස්කැප් බන්ඩල් එකෙන් අලුත් කොලයක් අරන්.






      

    රුද්වි ගිහින් හීටර් ජග් එක ටැප් එකෙන් පුරවලා කරන්ට් එකට කනෙක්ට් කළේ නිරුද් කැරට් කපන අතරෙ.







     රුද්වි හැමදාම උදේට නිරුද්ට උයන්න උදව් කළා.. අඩුම පොල් බෑයක් හරි ගාලා දුන්නා. දවල්ට අමුතුවෙන් ඉව්වෙ නෑ දෙවේලටම ඉව්වෙ එකපාර. රෑට උයනකොට නම් රුද්වි ගෙදර හිටියෙ කලාතුරකින්. අනික.. රෑට බත් ම ඉව්වෙත් කලාතුරකින්. ගොඩක් වෙලාවට කඩෙන් මොනාහරි ගෙන්නගත්තා. නැත්තං පාන් හරි.. පැස්ටා වගේ දෙයක් හරි නිරුද් හැදුවා.









රන්දෝලි | THE SCHOOL BULLY's NERD | BL non ff |Where stories live. Discover now