කඩුපුලේ හතලිස් වැනි දිගහැරුම....

137 20 4
                                    

තේජාන් - මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. එයාව බලන්න එද්දි තමයි ඇක්සිඩන්ට් එක උනේ

හෙදිය - ඔහ් රියලි?? එහෙනම් ඔයාම බෝයිෆ්‍රෙන්ඩ්ගෙ බෙහෙත් ටික දෙන්නකෝ. ආයේ ඉතින් රෑ බෙහෙත් ටික දෙන්න තමයි මං රූම් එකට එන්නෙ. ඩිස්ටර්බ් එකක් වෙන්නෙ නෑ

නවම් - ම් මේ.... මේ....

හෙදිය - හරි හරි ලැජ්ජා වෙන්න එපා. ඔන්න කන් දෙකත් රතු වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්. අදුර ගන්න ලැබීම සතුටක්. උවමනාවක් උනොත් රූම් එකේ තියෙන ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න.

තේජාන් - හරි මිස් තෑන්ක්ස්

මොහොතකින් හෙදිය පිටව යන්නට විය.

නවම් - මොකක්ද ඒ කලේ??

තේජාන් - ඇයි??

නවම් - ඇයි අහන්නෙ?? කවුරුත් මට එහෙම කියලා නෑනේ. ඉතින්.... ඉතින් මට ලැජ්ජයි

තේජාන් - හරි කෝලම්නේ. තව ටික දවසකින් හැමෝටම ඔයාව අදුන්වලා දෙන්නෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා නෙවෙයි හස්බන්ඩ් කියලයි.

නවම් - එහෙම දවසක් එයිද??

තේජාන් - අනිවාරෙන් පැටියා. ඔයාට බෑ මාව අවිශ්වාස කරන්න.

නවම් - ම්ම් ලොකු.. මේ බෙහෙත් ටික බීලා ටිකක් නිදා ගන්න. ඇගේ අමාරු ගතිය අඩු වෙලා යයි.

තේජාන් - නිදා ගන්න නෙවෙයි. නිදා ගමු කියන්න.

නවම් - මං සෝෆා එකෙන් ටිකක් ඇලවෙලා ඉන්නම්.

තේජාන් - විකාර නැතුව එන්න පැටියා.

නවම් - පිස්සුද?? ඔයාගේ උරහිසත් තුවාලයි. මං නින්දෙන් දගලලා තුවාලයක් එහෙම පෑරුණොත්??

තේජාන් - කේන්ති ගස්සන්නැතුව එන්න

නවම් - ඔයා ඔච්චරටම මුරණ්ඩු ඇයි රත්තරන්??

තේජාන් - ආදරේ නිසානේ ලගට එන්න කියන්නෙ. කෝ එන්න දැන්.

තේජාන්ගෙ බලවත් ඉල්ලීම මත නවම් ඔහුගෙ යහනට ගොඩ විය.

තේජාන් - නිදා ගමු දැන්.

නවම් - ඔයා එන්න මගෙ උරහිසට.

තේජාන් - ඔයාගේ මේ චූටි පපුවට මං බර වැඩියි.

නවම් - ඔයා බර නෑ. ඒත් ඔයාගේ ආදරේ බර වැඩියි. කෝ එන්න.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 04 ⏰

Add this story to your Library to get notified about new parts!

හිමකර කඩුපුල්....Where stories live. Discover now