ජගත් - ව්වාහ්.... කොල්ලො දෙන්නා මාර හැන්ඩ්සම්නේ ෆුල් කිට් එකට.
තේජාන් - ඒකනේ අප්පච්චි මාත් මේ කල්පනා කලේ. දැන් නම් වැදගත් පාටට හරි ලස්සනට ඉන්නවා.
මහිෂ - කොහෙද මල්ලි ඔයාලා ක්ලාස් කරන්නෙ??
කේෂ් - ටවුන් එකේ _______ ආයතනේ අයියේ.
ජගත් - ආහ් යමු පුතා මං ඔයාලව ඩ්‍රොප් කරන්නම්..මටත් පොඩි වැඩ වගයකට ටවුන් යන්න තියනවා.
මහිෂ - අප්පච්චි තාම කාලා ඉවරත් නෑනේ. යසස්ට ෆෝන් එකක් බලන්න යන්න ඕන කිව්වා. ඒකත් බලලා මූව ගෙදරට ඇරලවලා එන්නම් මං.
කේෂ් - අයියෝහ් ඔයාලා කරදර වෙන්න ඕන නෑ මහී. අපිට බස් එකේ යන්න පුලුවන්.
තේජාන් - කරදරයක් නෙවෙයිනේ කේෂ් ඉතින්. මෙයාලා කොහොමත් ටවුන් යන එකනෙ. යසස්ගේ ෆෝන් එකට මොකද උනේ ඇයි?? මේ ලගදිනෙ අලුත් ෆෝන් එකක් ගත්තෙ.
යසස් - ආහ් ම් - මේ ඒක මගෙ අතින් වැටුණා අයියේ. ඩිස්ප්ලේ ගියා. වොරන්ටිනම් තියනවා. ඒත් ඩිස්ප්ලේ ගියාට පස්සෙ ෆෝන් එකක් හදලා වැඩක් වෙන්නෙ නෑ අයියේ. ඒ නිසා අලුත් ෆෝන් එකක්ම ගන්නවා.
මහිෂ - යමු නේද යසා එහෙනම්??
යසස් - යමු බං.
මහිෂ - එන්න කේෂ් අපි යමු. තනුක මල්ලි ඔයත් එන්න.
කේෂ් - හ් - හරි අයියේ. නවා අපි ගිහින් එන්නම් එහෙනම්.
තනුක සහ කේෂ් නවම්ගෙ දෙපා නමදින්නට විය.
නවම් - පරිස්සමින් ගිහින් එන්න පැටියෝ. ක්ලාස් ඉවර උන ගමන් මැසේජ් එකක් දාන්න මට.
කේෂ් - හරි නවා. අංකල් අපි ගිහින් එන්නම් එහෙනම්.
නැවත වරක් කේෂ් සහ තනුක පිලිවෙලින් ජගත්ගේත් , ප්රගීත්ගේත් සහ අවසානයේ තේජාන්ගේත් දෙපා නමදින්නට විය.
ජගත් - පරිස්සමින් ගිහින් එන්න පුතා.
ආශිර්වාදය අවසානයේ ජගත් , කේෂ්ගේ දෙකම්මුල් ද සිප ගන්නට වූයේ කේෂ්ව සහ එතැන සිටි සියල්ලෝම විමතියට පත් කරමිනි.
මහිෂ - අපි ගිහින් එන්නම් අප්පච්චි.
මහිෂද , ජගත්ගේ දෙපා නැමද ඔහුගෙ උණුසුම් හාදුව මුවෙහි තවරාගෙන පිරිස සමග නිවසින් පිටව යන්නට විය.
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romance" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...