කඩුපුලේ තිස් හත්වැනි දිගහැරුම....

240 18 28
                                    

තනුක - ඕයිහ් මගේකා මෙහෙ වර. අනේහ් ජම්බු ගෙඩියක් දීලා පලෑම් තිරිසනෝ.

කේෂ් - දෙන්නෙ නෑහ්. පුලුවන් දෙයක් කරපන්. මනුස්සයෙක් උනාම කෙලෙහිගුණ කියලා එකක් තියෙන්න ඕන. මෙතන ලොරි ටෝක් දිදී මාව පාච්චල් කලානේ නේහ්?? දෙන්නෙ නෑ යකෝ. දෙන්නෑ කිව්වොත් නෑමයි. හම්මෝ රහ. පැනිම පැනි රසයි ඈ. අයියේ ඔයාටත් ගෙඩියක් දෙන්න ද??

තනුක - එකක් දීලා පලාම්. නැත්නම් දේදුන්නෙ පාට හත වගේ දවස් හතට පැය හතෙන් හත පාට හතකින් කක්කි යන්න ඕන තොට.

කේෂ් - ආහ් අවුලක් නෑ බං මටනෙ යන්නෙ. මං ටොයිලට් යන වෙලාවට උබටත් කතා කරන්නම්කො. නැත්නම් ඉතින් ආයේ කවදා කියලා දේදුනු කක්කි දකින්නද ?? එහෙනම් අපි ගියා ඈ. පට්ට රසයි හොදේ  කියලා වැඩක් නෑ. කෑවෑන් කෑවේ නෑ මෙච්චර රස ජම්බු.

තනුක - බල්ලා මෙහෙ වර. එක ගෙඩියක් දෙන්න බැරිනම් භාගයක් හරි දීලා පල.

යසස් - කට වහගෙන මෙන්න මෙහෙට වෙලා ඉන්නවා වස්තු. මං තමුසෙට කඩලා දෙන්නම්.

තනුක - අනේ ෂූකි මේ කකුල් දෙක අල්ලලා වැදලා කියන්නම්. අවයව තලා ගන්නැතුව පාඩුවෙ ඉන්න. අච්චර වැඩ දන්න මගේකාත් පුක බිම ඇන ගත්තා. තවුසෙ මේ ගස් නගින්න ගිහින් වැටිලා ඉස්සරහ අවයවේ එහෙම තලා ගත්තොත් මුළු ජීවිත කාලෙම අදුරුයිනේ. ඕවගෙ ඵල විපාක එන්නෙ බැඳලා බබාලා හදන කාලෙකට හරිය. ඔන්න මං නොකීවා කියන්නෙපා. අන්තිමට බදින්න ඉන්න ගෑනිත් තැන තැන කියවයි ෂූකිගෙ අහවල් එක් ඇදයි  කියලා.

යසස් - තමුසෙ නම් සෝමාලියාවෙන් ආපු එකෙක් ද කොහෙද වස්තුව. කියෝනවා කියෝනවා පුදුම කියවිල්ලක්නෙ යකෝ මේක. මං වගේ නම් හුස්ම  හිර වෙලා මැරෙන්නෙ ඔය කියවිල්ලට. ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලා අහලා තිබුණට ඒක ඇස් පනාපිට දකින්නෙ අදයි. තමුසෙගෙ ඒ සමත්කම තියෙන්නෙ ඔය කියවිල්ලට විතරයි.

?? - පොඩි ගේට්ටුව ඇරලා තිබුණ නිසා මං ඒකෙන් ආවා , කියන්නෙත් නැතුව

යසස් - ආහ් දුලිත් අයියේ. එන්න එන්න. මොකේ ද ආවේ ඔයා??

දුලිත් - pick me car එකක් දාගෙන ආවේ ෂූකි.. ඔයා එයි කියලා බල බල හිටියා. බැරිම තැනයි ආවේ මේ.

හිමකර කඩුපුල්....Where stories live. Discover now