තනුක - ගිහින් ෆිල්ම් එක බලන්න.
යසස් - යමු ඉතින්.
තනුක - ම්හ් බෑ. ඔයා ගිහින් බලන්න.
යසස් - තාම අවුලින් ද ඉන්නෙ??
තනුක - නෑ. කටුස්සා පාට මාරු කරනවා වගේ මට මූඩ් එක මාරු කරගන්න පුලුවන්.
යසස් - මරුනේ. එහෙනම් හොද කොල්ලා වගෙ යමු දැන් ෆිල්ම් එක බලන්න. ඔයාට බෑද ඔය හොටු පෙරාගෙන අඬන මූඩ් එක සම්පූර්ණයෙන් ක්ලියර් කරලා දාන්න.
තනුක - ඔයාගේ වගේ ගල් හිතක් ගෙනත් දෙන්නකෝ. එතකොට පුලුවන්.
යසස් - කොල්ලෙක් උනාම හැමදේම ඉවසගෙන එහෙම තමයි ඉන්න ඕන. පොඩි දේටත් සෙන්සිටිව් වෙලා බෑ.
තනුක - අනේ අනේ මේ අයියේ. ගෑනුද පිරිමිද බල බලා නෙවෙයි දුක කියන එක එන්නෙ. මං ඉස්සර මෙහෙම නෑ. තමුසෙ වගෙ තමයි. ලග ඉන්න මිනිහා මැරිලා වැටුණත් ඌ දිහා බලන එකෙක් නෙවෙයි මං. ඒත්....කේෂුයි , නවම්මයියයි හම්බුණාට පස්සෙ එයාලාගෙ සිස්ටම් එකටම මාත් ඔටෝ හැඩගැහුණා. එයාලා දෙන්නට කේන්ති ගියාම ඔයයි , මහිෂයියයි , තේජාන්නයියයි කැලේ. ඉක්මනට දුක හිතුණට , ඇස්වලට කදුළු ආවට ඒ දෙන්නට කේන්ති ගියාම මාර වසයි. මං අදත් බයේ හිටියේ කේෂ් , ජගත් අංකල් එක්ක රණ්ඩුවට යයි කියලා. මම තමයි වස නැත්තේ. මොකා මොන මගුල කලත් සනිකව ඒක අමතක කරලා ඌ එක්ක ආයේ හොදින් ඉන්නවා.
යසස් - ගොනා කියන්නෙ නිකන් ඈ ඉතින්.
තනුක - ඉතින් අර ඉන්නෙ නුවණක්කාරයෙක්. ගිහින් ආස්සරේ කරනවා ඌව. ගොන්නු එක්ක ඉන්න ඔයා ගොපල්ලෙක් නෙවෙයිනේ නේද??
කල්ප - ෂූකි.... කොහෙද අනෙ ඉන්නෙ?? මං කීයේ ඉදන් ද හොයන්නෙ??
ගෙවත්ත දෙසට එමින් කල්ප කෑ ගසන්නට විය.
තනුක - අනේ මං පස්සෙ එන්නම් අයියේ. ඔයා යන්න දැන්. හිත රිදෙන කතාවක් කිව්වොත් ඔයාගේ මල්ලි කියලා බලන්නැතුව හොද ටිකක් කියනවා හරිද මාත්.
යසස් - ඇයි දෙවනි?? මං කිව්වනේ එන්නම් කියලා. මොකටද මාව හොයන්නෙ??
කල්ප - මොකට ද අහන්නෙ ඇයි?? දවස් දෙකකින් යනවා අපි. ඒ නිසා ඔයා ලග ඉන්න ඕන මට. අපි යමු රූම් එකට. කියන්න වැදගත් දේකුත් තියනවා.
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romantizm" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...