කඩුපුලේ තිස්වැනි දිගහැරුම....

259 23 40
                                    

නවම් -  හරි හරි එහෙනම් වොෂ් දාන්න යන්නකො. මාත් වොෂ් දාලා කොෆී එකක් හදාගෙන එන්නම්.

මොහොතකින් නවමුත් , තේජානුත් තම තමන්ගේ නාන කාමර වෙත පිටව යන්නට වූයේ ඇගපත සෝදා ගැනීමේ අදහසිනි. අඩ හෝරාවක් පමණ ගත වූ තැන ඇගපත සෝදාගත් නවම් මුලුතැන්ගෙට ගොස් ඔහුටත් , තේජාන්ටත් උණුසුම් කෝපි කෝප්ප දෙකක්ද සාදාගෙන තේජාන්ගේ කාමරයට ඇතුල් විය.

තේජාන් - පිපාසෙන් හිටිය මනුස්සයෙක්නම් මෙලහකට දිව ගිලිලා මැරිලා.

නවම් - පරක්කු ද?? අනේ සොරි තේජාන්. මෙන්න ඔයාගේ කොෆි එක. ඉතිම් මොකක්ද කියන්න තියෙන වැදගත් කතාව??

තේජාන් - මෙතනින් වාඩි වෙන්නකෝ. හැබැයි මං කියන්න හදන දේ අහලා කලබල වෙන්න බෑ හොදද?? එක පොරොන්දුවක් උනොත් විතරයි මං ඒ දේත් ඔයාට කියන්නෙ.

නවම් - බය නොකර කියන්නකෝ ලොකූ. ඔයා හොදින් නේද??

තේජාන් - ම්ම් ඔව් මං හොදින්. හැබැයි ඔයාගේ උත්තරෙන් පස්සෙ මොනා වෙයිද කියන්න දන්නෙ නෑ.

නවම් - මොකක් ගැන ද කතා කරන්නෙ?? බය නොකර කියනවකෝ.

තේජාන් - මොන දේ උනත් මෙහෙන් යන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්නකෝ.

නවම් - හැමදාටම මෙහෙ ඉන්න බෑනේ ලොකූ.

තේජාන් - පුලුවන්. කෝ පොරොන්දු වෙන්නකෝ.

නවම් - අපිටම කියලා තැනක් හදාගන්නකන් මායි කේෂුයි කොහෙවත් යන්නෙ නෑ. මෙහෙට වෙලාම ඉන්නවා ප්‍රොමිස්.

තේජාන් - ම්ම් ගුඩ් බෝයි. ඔය කොෆි එක මෙතනින් තියලා ඔයාගේ ඔය ලස්සනම ලස්සන අත් දෙක දෙන්නකෝ ඒනම් මට.

එසේ පවසමින් නවම් අතැතිව තිබූ කෝපි කෝප්පය පසෙකින් තැබු තේජාන් ඔහුගේ දෑත් තම දෑත් අතරට මැදි කර ගන්නට විය.

නවම් - මොකද නිකන් සීරියස් වෙලා?? ඔයා හොදින් ද ඇත්තටම ?? ජගත් අංකල් මොනා හරි කිව්ව ද?? ඔයා ඇයි මේ බය වෙලා වගෙ??

තේජාන් - මහීගෙන් පස්සෙ මටත් වඩා මාව තේරුම් ගත්ත එකම කෙනා ඔයා පැටියා. මට කියන්න තියෙන හැමදේම මං ඔයාට කියන්නම්. එතකන් ඒ දේවල් හොදට අහගෙන ඉන්න. ඊට පස්සෙ පුලුවන් ඔයාට කතා කරන්න.

හිමකර කඩුපුල්....Where stories live. Discover now