කඩුපුලේ දාහත් වැනි දිගහැරුම....

250 18 39
                                    

නවම් - එහෙනම් ඔයා බෙහෙත් ටික බීලා ටිකක් නිදා ගන්න කේෂ්.

තේජාන් - අප්පච්චි කාලා ඉවරද??

ජගත් - ඔව් ලොකු පුතා. මං රූම් එකට යනවා. ඔෆිස් එකේ ෆයිල්ස් ටිකක් චෙක් කරන්නත් තියෙනවා.

තේජාන් - හරි අප්පච්චි.

මොහොතකින් ජගත් උඩු මහලට ගමන් ගන්නට වූ නමුත් තවමත් කේෂ් සහ තනුක කෑම මේසය අසලට වී  සිටින්නට විය.

මහිෂ - ඇයි කේෂ්? කාමරේට ගිහින් බෙහෙත් ටික බීලා ටිකක් නිදා ගන්න.

සැබැවින්ම තනුකත් , කේෂුත් කාමරයට නොගොස් තවමත් කෑම මේසය අසල සිටින්නෙ ජගත් උඩු මහලට ගමන් ගත් නිසාය. නමුත් එය පැවසීමට කේෂ්ටත් , තනුකටත් හැකියාවක් නොතිබුණ බැවින් ඔවුන් කිසිත් නොපවසා සිටින්නට විය.

මහිෂ - යමු උඩට..මාත් කාලා ඉවරයි.

ආහාරගෙන අවසන් වූ මහිෂ , කේෂ්ගෙ ඉණ දෙපසින් දෑත් යවා තදින් අල්ලාගෙන උඩු මහලට ගමන් ගන්නට විය. තිදෙනාම කාමරයට ඇතුල් වනවාත් සමගම ඔවුන්ගෙ නෙත ගැටෙන්නට වූයේ සිගරැට්ටුවක් දල්වාගෙන එහි දුමාරය වාතයට මුදා හරින ජගත්ගෙ රුවයි.

මහිෂ - අප්පච්චි?? ඔ - ඔයා ස්මෝක් කරනව ද?? මං මෙච්චර කාලයක් ඒක දැනගෙන හිටියෙ නෑනේ. අනික ඇ- ඇයි අප්පච්චි මල්ලිලගෙ රූම් එකේ??

ජගත් - ප් - පොඩි පුතා?? ම් - මෙ න් - නෑ පුතා මේ දවස්වල වැස්ස නිසාද කොහෙද ඇගට ටිකක් සීතල ගතියක් දැනුණා. මං ඒ නිසයි සිගරට් එකක් පත්තු කර ගත්තෙ. හැමදාම නෑ පුතා දවස් දෙකකට තුනකට එකක් වගේ බොන්නෙ.

මහිෂ - ඒත් එපා අප්පච්චි.ඔයා දැන් ඉස්සරට වැඩිය ඩ්‍රින්ක්ස් ගන්නවත් වැඩියි. ඒ දේවල් වලින් චුට්ටක් ඈත් වෙන්න බලන්න.

ජගත් - මේ කාමරේ සද්දයක් ඇහුණා පුතා. පොඩ්ඩක් බලන්න සතෙක්වත් ඇවිත් ද දන්නෙ නෑනේ. මං එහෙනම් රූම් එකට යනවා.

මහිෂ - හරි අප්පච්චි.

එසේ පවසමින් ජගත් පිටව ගිය අතර මහිෂ කාමරය පුරා දෑස්‍ යොවමින් මොකෙකු හෝ සිටීදැයි නිරීක්ෂණය කරන්නට විය

මහිෂ - එහෙම මොකෙක්වත් පේන්න නෑ මල්ලි. සමහරවිට හුළගට මොකක් හරි වැටෙන්න ඇති. කෝ එන්න ඔයා ඇදට. මං බෙහෙත් ටික බලලා දෙන්නම්.

හිමකර කඩුපුල්....Where stories live. Discover now