කඩුපුලේ තිස්එක් වැනි දිගහැරුම....

246 20 35
                                    

තනුක - නෑ කකුල විතරයි. අනේ රිදෙනවා අයියේ. අනේ මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න. මට අමාරුයි. අනේ....

එක්වරම කුඩා දරුවකු විලසින් තනුක හඩා වැටෙන්නට වූයේ යසස්ගේ උරහිසේ එල්ලෙමිනි.

යසස් - යමු බෙහෙත් ගන්න. ගොඩක් රිදෙනව ද??

තනුක - එක්කො බෑ එයාලා කකුල අදියි. අනේ රිදෙනවා. මං මැරෙයිද අයියේ??

යසස් - මොන හු#තක් කියනව ද මන්දා බං. අමාරු නම් බෙහෙත් ගන්න යමු. කැක්කුම තියන් නිකන් ඉන්න බෑනේ.

තනුක - අනේ ඒ පාර මෙයත් මට බනිනවා.ඕන්නෑ මට කෞරුත්.යනවා යන්න. මෙතනම මං මැරිලා යද්දෙන්.

යසස් - කකුල කැඩුණා කියලා මිනිස්සු මැරෙන්නෙ නෑ මෝඩයෝ.

තනුක - ඒ ක් කියන්නෙ?? ඒ කියන්නෙ මගෙ කකුල කැඩිල ද අයියෙ??

යසස් - මං දොස්තර නෙවෙයිනෙ. යමු බෙහෙත් ගන්න. ගෙදර අයව ඇහැරවන්න ඕන නෑ. අපි දෙන්නා යමු.

තනුක - එපා අයියේ. අපි හෙට උදේම යමු. ඔයාටත් මහන්සි පාටයි.

යසස් - මට මහන්සි නෑ. කෝ හොද දරුවා වගේ යමු අපි.

තනුක - මට නිදි මතයි අයියේ. අපි නිදාගෙන හෙට උදේම යමුකො පීස්.

ප්‍රතිකාර කිරීමට ඇති බිය නිසාවෙන් තනුක එලෙස පවසන්නට විය.

යසස් - නිදියන් ඉද්දි කැක්කුම වැඩි උනොත්??

තනුක - නෑ එහෙම වෙන එකක් නෑ. කකුල පෙරලිලා ඇත්තේ. වැටුණ ගමන් බයටත් එක්ක කෑ ගැහුවෙ මං.

යසස් - අමාරු උනොත් මට ඒ වෙලාවෙම කියනවා කියලා ප්‍රොමිස් වෙන්න.

තනුක - ප්‍රොමිස්.

යසස් - හ්ම් කෝ හොද ලමයා වගෙ කදුළු පිහිද ගන්න.

තනුක - අපි කාමරේට යන්නෙ කොහොමද??  ම් මට ඇවිදින්න අමාරුයිනේ.

යසස් - මෙහෙ එනවා මං එක්කන් යන්නම්.

එසේ පවසමින් තනුකව තම දෑතට ගත් යසස් ඔහුත් සමග කාමරයට ගමන් ගන්නට විය

තනුක - තෑන්ක්ස් අයියේ.

යසස් - තෑන්ක්ස් තමයි. ඔයිට වඩා දෙයක් උනත් ඔච්චරනේ. ආවා මෙතන හුරතල් කියලා පෙන්නන්න. කොන්ද එහෙම කැඩුණ නම් අබ්බගාතයෙක් වගෙ තමයි ඉන්න වෙන්නෙ.

හිමකර කඩුපුල්....Where stories live. Discover now