කඩුපුලේ විසිතුන්වන දිගහැරුම....

208 17 16
                                    

කේෂ් - ආපෝ මෙයා මහ ආඩම්බරකාරයෙක්නෙ අප්පා. දැන් නම් සිරාවටම දුකත් හිතෙනවා මල පග.

කේෂ් තමාටම පවසා ගනිමින් නැවත මහිෂට කෙටි පණිවිඩ යවන්නට විය.

" අයියෙ සොරි 🥺🙏 "

"මං වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න 🥺 "

" අනේ හලෝ හොද ලමයා වගේ මාත් එක්ක කතා කරන්නකෝ "

"මං ආස නෑ කවුරුත් මාත් එක්ක තරහ වෙනවට"

"අනේ අයියේ 🥺 "

" මටත් පුලුවන්නෙ ඔයා වගෙ ලොකුකමින් ඉන්න.ඒත් මං එහෙම කරන්නෙ නෑනේ "

" අයියෙ 🥺 "

" කතා කරනවකෝ මාත් එක්ක "

කේෂ් කෙතරම් කෙටි පණිවිඩ යොමු කල ද ඒ කිසිවකට මහිෂගෙන් පිලිතුරු නොවීය.

" අයියේ 🥺💔 "

" මට නිදි මතයි 😔 "

අවසාන වතාවට එම කෙටි පනිවිඩය යොමු කොට තම ජංගම දුරකථනය පසෙකින් තබා කේෂ් සූදානම් වූයේ අපහසුවෙන් හෝ සෝෆාවේම නින්දට යෑමටයි.නමුත් ඒ මොහොතේ දී ම ඔහුගෙ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එන්නට විය.

"එනවා රූම් එකට "

කේෂ් යැවූ පණිවිඩ සියල්ලටම මහිෂගෙන් ලැබුණු එකම පිලිතුර වූයේ එයයි. කෙටි පණිවිඩය දුටු සැනින් ක්‍රියාත්මක වූ කේෂ් , මහිෂගෙ නිදන කාමරය වෙත දිව යන්නට විය.

මහිෂ - එනවා මෙතනට.

යහනට වී සිටි මහිෂ කෝපාන්විත හඬින් පවසන්නට වූ අතර කොයි මොහොතේත් ඔහුට බියක් දක්වන කේෂ් යහනට ගොස් මහිෂගෙ පපු උණුහුමට ළං විය.

කේෂ් - ඇයි තෞසෙට අනිත් මැසේජ් පෙනුනෙ නැද්ද??

මහිෂ - කටවහන් නිදා ගන්නවා.

කේෂ් - තාම තරහ ද??

මහිෂ - පිං සිද්ධ වෙයි කට වහගෙන නිදා ගන්නවා මල්ලි.

කේෂ් - කවුද මල්ලි?? ඇයි අමතක උනාද ඔච්චර ඉක්මනට?? මං මල්ලි නෙවෙයි. සුදූ කියන්න මට.

මහිෂ - විකාරයක් වෙන්නැතුව නිදා ගන්නවකෝ.

කේෂ් - දැන් ඒ දේ වෙලා ඉවරනේ.ඔයා තරහින් හිටියා කියලා තේරුමක් නෑ අප්පා මටනෙ දුක..මං ආස නෑ මගෙ ලගින් ඉන්න මිනිස්සු මාත් එක්ක තරහා වෙනවට. ඒක මගෙ ඔළුවට ලොකු බරක්. ඒ වෙලාවට එන ඔළුව කැක්කුම ඉවසන්න බෑ.

හිමකර කඩුපුල්....Where stories live. Discover now