කඩුපුලේ තිස් හයවැනි දිගහැරුම.

205 21 61
                                    

හෙදිය - ඕකේ සර්.මෙන්න පැනඩෝල් දෙක. ඇක්ස් ඔයිල් එකකුත් තියනවා. නළල දෙපැත්තෙ ඇප්ලයි කලොත් ඉක්මණින් වේදනාව අඩු වෙයි.

මහිෂ -  තෑන්ක්ස් මිස්.

හෙදිය - සර්.... ම් - මං ඉක්මණින් ලයිබ්‍රි එකට ගිහින් මේ පොත මාරු කරගෙන එන්න ද?? විනාඩි දහයක් ඇති.

මහිෂ - විනාඩි දහයෙන් කොහොම ද මිස් පොතක් තෝරන්නෙ?? යන්න යන්න. පරක්කු උනාට කමක් නෑ මෙයාට ඔළුව කැක්කුමක්නෙ තියෙන්නෙ. මට බලාගන්න පුලුවන්.

හෙදිය - තෑන්ක්ස් සර්. මෙයාගේ අයියා නේද "නවම් " සර්??

මහිෂ - ෂහ් කේෂ් මාර ෆේමස්නෙ කැම්පස් එකෙ. හ්ම් ඔව් මේ එයාගෙ මල්ලි තමයි.

හෙදිය - කේෂ්ව නොදන්න කවුරුත් අපේ කැම්පස් එකේ නෑ සර්. ඒ කියන්නෙ සරුයි නවම් සරුයිත් නෑදෑයෝ නේද?? අද මෙහෙම කට වහන් හිටියට වෙනදට බලන්න ඕන මෙයාගෙ කච කචේ.  සර් ඉන්නවා කිව්ව නිසයි මං ලයිබ්‍රි එකට යන්නෙත්. නැත්නම් පේෂන්ට් කෙනෙක්ව මෙහෙම දාලා යන එක සුදුසු නෑ. කෝ මෙයාගේ අනිත් භාගෙ? පුදුමයි මේ කොල්ලව තනියම එව්වා කිව්වාමත්.

කේෂ් - චූටි මිසී ගිහින් වැඩේ කරගන්නකො. තනුක ක්ලාස් එකේ මිස්. එන්න හැදුවා. මං කිව්වා ඕන නෑ කියලා.

හෙදිය - ම්ම් හරි හරි ඔයා පැනඩෝල් දෙක බීලා ඉක්මනට ඔළුව කැක්කුම අඩු කර ගන්නකො එහෙනම් හොදේ.  මං යනවා.

එසේ පවසමින් කේෂ්ගෙ හිස පිරිමැදි හෙදිය විශ්ව විද්‍යාල පුස්තකාලය වෙත ගමන් කරන්නට විය.

මහිෂ - ආ මේ පැනඩෝල් දෙක බොන්න.

කේෂ් - ම්හ් ඕන නෑ ගෙදර ගිහින් බෙහෙත් පෙත්ත බොනවා. එතකොට හරි

මහිෂ - දැන් බොන්න කිව්වාම බොන්න.

කේෂ් - චුට්ටක් කට වහන් ඉන්න පුලුවන් ද? කියවද්දි ඔළුව අමාරුව වැඩි වෙනව ප්‍රොෆෙසර් මහිෂ.

මහිෂ - ලොකුකම නැතුව මෙන්න මේක බොනවා කේෂ්.

එසේ පවසමින් මහිෂ බලෙන්ම කේෂ්ගේ මුවට පැනඩෝල් පෙති දෙක ඇතුල් කරන්නට විය.

මහිෂ - ඔය බිව්වෙ යස අගේට. කෝ දැන් මෙතනින් හාන්සි වෙන්න මං ඇක්ස් ඔයිල් ටිකක නලලේ ගාන්නම්.

හිමකර කඩුපුල්....Where stories live. Discover now