නවම් - මට දුකයි. හේතුවක් දන්නෙ නෑ ඒත් සෑහෙන්න දුකයි. මායි කේෂුයි ලේසියෙන් මනුස්සයෙක්ට ළං වෙන්නෙ නෑ තේජාන්. ඔයා ඒක හොදටම දන්නවා. කැම්පස් එකේ උනත් මං කතා බහ කරලා ලගින් ආශ්‍ර්‍ය කරන ලෙක්චර් කෙනෙක් නැතිම තරම්. මායි කේෂුයි හරි බයයි මිනිස්සුන්ට ළං වෙන්න. මොකද , මුකුත් නොතේරෙන කාලේ ඉදලා අපි ආදරේ කරපු මිනිස්සු මගදි අපිව දාලා ගියා. අම්මා ,තාත්තා , සීයා වගේම ආච්චම්මත් ඒ දේමයි කලේ. මටයි කියලා හිටියේ කේෂුයි , තනුක මල්ලියි විතරයි තේජාන්. ඒත්.... ඒත් ඔයා හම්බුණ දවසේ ඉදලා මගෙ ජීවිතේ පුදුම සැහැල්ලුවක් මට දැනුණා. අනේ මං ගැන වැරදියට හිතන්න එපා තේජාන් ප්ලීස්. ඔයා කොච්චර යන්න එපා කියලා බල කලත් මට දැන් හරි වෙනම ගෙයක් රෙන්ට් එකට අරන් යන්න පුලුවන් තේජාන්. ඒත්.... ඒත් මට හරි බයයි ඔයා ගැන. මට හරි ලෝබයි ඔයාව දාලා යන්න.තේජාන් - ඒයි මොකද දරුවෝ මේ?? ඔච්චර අවුලිම් ඉන්නෙ ඇයි?? ඉතින් අපි එකටනෙ ඉන්නෙ.බය වෙන්න එපා කවුරු ඔයාලව මග ඇරියත් මායි මහීයි ඉන්නවා ඔයාලා එක්ක.
නවම් - ඒත් ජගත් අංකල්ගෙ වචනෙට පිටින් යන්න එපා තේජාන් ප්ලීස්. ඒකෙන් වෙන්නෙ ඔයාලා අතරෙ රණ්ඩු ඇති වෙන එක විතරයි. ජගත් අංකල්ගෙ යාළුවා ප්‍රනාන්දු අංකල්ගෙ දුවව මැරි කරන්න කැමති වෙන්න ඔයා. එතකොට මේ ප්‍රශ්නවල කෙලවරක් දකින්න පුලුවන්.
තේජාන් - එතකොට ලෝබ නැද්ද මාව දාලා යන්න?? ඒ ගෑණිව බැන්දාම ඔයාට බයක් නැද්ද මං ගැන??
නවම් - ලෝබයි. බයයි. ඒත් මං කියලා මොනවා කරන්නද තේජාන්?? මේ ප්‍රශ්නවලින් ඔයා විඳවනවා බලන්න ඉන්න පුලුවන් ද??
තේජාන් - ඔයාට කරන්න එක දෙයක් තියනවා නවම්.
නවම් - මොකක්ද තේජාන්??
තේජාන් - මට ආද.........
තේජාන් පැවසීමට ගිය දේ නවතින්නට වූයේ එක්වරම ඔහුගෙ ජංගම දුරකථනය නාද වූ බැවිනි.
තේජාන් - චුට්ටක් ඉන්න පැටියා ඔෆිස් එකෙන් කෝල් එකක්.
එසේ පවසමින් ඇමතුම හා සම්බන්ද වූ තේජාන් බැල්කනිය වෙත ගමන් ගන්නට විය. මේ අතර අධික වෙහෙසට පත් නවම් යහනට ගොඩවී එහි ඇන්දට වාරු ව දෑස් වසා ගන්නට වූයේ තේජාන් එනතුරුය.
YOU ARE READING
හිමකර කඩුපුල්....
Romance" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ...