කඩුපුලේ විසිඅට වැනි දිගහැරුම....

239 23 27
                                    

මහිෂ - අත ගන්න අනේ. මොකද අප්පච්චි ඔහොම හැසිරෙන්නෙ?? මං පොඩි දරුවෙක් නෙවෙයි දැන්. මට කැමති තැනකවත් නිදහසෙ යන්න දෙන්නකො.

ජගත් - ඕස්ට්‍රේලියා යන්න කැමති ද අකමැතිද?? මං මේ හොදින් අහන අවසාන වතාව.

මහිෂ - අකමැතියි. මං යන්නෙ නෑ. ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මං යන්නෙ නෑ අප්පච්චි. ප්ලීස් තේරුම් ගන්න. මට බෑ හිර වෙච්ච ජීවිතයක් ගෙවන්න. මේ තරම් නිදහසක් එහෙ නෑ. ඒක ඔයත් හොදටම දන්නවා අප්පච්චි. හම්බකලා ඇති දෙයියනේ දැන් පාඩුවේ ඉන්න. දරුවන්ව උකසට තියලා ඒ ජීවිතත් නැති කරන්න එපා.

ජගත් - කට වහපන් මහිෂ.

කම්මුලට දැඩි පහරක් එල්ල කරමින් ජගත් පවසන්නට වූයෙන් කේෂ්ගේත් ,තේජාන්ගෙත් ඉවසීම දෙදරා යන්නට විය

කේෂ් - අංකල් මොකක්ද අනේ කරන්නෙ??  අතපය උස්සන්න තරම් අයියා වැරැද්දක් කලේ නෑනේ ඔයාට.

මහිෂගෙ ඉදිරියට ගොස් කේෂ් කෑ ගසන්නට විය.

නවම් - මල්ලි කට වහන් ඉන්න.

කේෂ් - බෑ කට වහන්නෙ නෑ. සමාවෙන්න අංකල් මෙහෙම කතා කරනවට. ඒත් මේ දරුවා හැමදේම ඉවසනවා වැඩියි. අත උස්සන්න තරම් කිසිම වැරැද්දක් කලේ නැතුවයි ඔයා එයාට අත ඉස්සුවේ.

තේජාන් - ආ යූ ක්‍රේසි අප්පච්චි ?? ඔයා හොද සිහියෙන් ඉදලද මහීට අත ඉස්සුවේ?? මං නම් හිතුවෙ නෑ ඔයා ඔච්චර පහත් තත්ත්වෙට වැටෙයි කියලා.  හහ්.... මිස්ටර් ජගත් මුනසිංහ කියන්නෙ තමන්ගෙ ලෙයින් හැදුණ දරුවන්ට තර්ජනය කරන , අතපය උස්සන ,  ඒ ලමයින්ගෙ ජීවිතත් විනාස කරන්න හදන දෙකයි පනහෙ මනුස්සයෙක් කියලා මං අදනේ දැන ගත්තෙ. හොදට මතක තියා ගන්න මිස්ටර් ජගත්. ආයේ ඔයාගේ හෙවණැල්ලවත් මගෙ අහිංසකයට වැටෙන්න ඉඩ තියන්නෙ නෑ මං. ඔයාට මේ අහිංසකයා ගැන කැක්කුමක් නැති උනාට මට කැක්කුමක් තියනවා අප්පච්චි. මේ ඉන්නෙ මගෙ පණ. අපි ඉපදුණ දා ඉදලා බිස්නස් මත්තෙ නැහුණ එක විතරයි ඔයා කලේ. හරි හැටි ආදරයක් ලැබිලා නැතුවත් මහිෂ කවදාවත් වැරදි මාර්ගෙක ගියෙ නෑ. ඔයා සතුටු වෙන්න ඕන මගෙ මල්ලි දිහා බලලා. අද මේ කරපු දේ මං ලේසියෙන් අමතක කරයි කියලනම් හිතන්න එපා අප්පච්චි.

හිමකර කඩුපුල්....Where stories live. Discover now