කඩුපුලේ තිස් දෙවැනි දිගහැරුම....

331 20 42
                                    

ජගත් - ඉතින් පුතා ඔයා මොකද මේ කලබල වෙලා?? ප්‍රගීත් ආසනම් ඒ දේ කරපුදෙන්. මොකද නවම්ලා ගෑණු ලමයි නෙවෙයිනෙ.ප්‍රෙග්නන්ට් වෙනවා වගෙ ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්නෙ නෑනේ. අනික.... අනික මං හිතන්නෙ නෑ නවම් උනත් ඒකට අකමැති වෙයි කියලා

තේජාන් - අප්පච්චි ???? ඔයාගේ කටින් ඔය කියවුණේ කියන්න හොද දෙයක් ද අප්පච්චි?? නවම් කියන්නෙ මගෙ වයසේ කොල්ලෙක්. ඔයා කැමතිද බාප්පා අද නවම්ට කරදර කරනවා වගේ මට කරදර කලානම්?? ඔහ් මයි ගුඩ්නස් අයි කාන්ට් බිලීව් දිස්. ආයූ ක්‍රේසි අප්පච්චි ?? මං කොයිම වෙලාවකවත් ඔයාගෙන් මේ වගෙ දෙකයි පනහෙ උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ ෂිට්. මමයි මෙතන වැරැද්ද කලේ. අදාල මිනිහා එක්ක ඩිරෙක්ට් කතා නොකර ඔයාගෙන් උපදෙස් ගන්න ආපු මමයි වැරදි. ඇත්තටම අප්පච්චි ඔයා ලැජ්ජා වෙන්න ඕන ඒ කියපු කතාවට. අයිම් රියලි සොරි අප්පච්චි. බට් මං හිතන්නෙ ඔයා මේ ලගකදි ඉදන් හිතා ගන්න බැරි විදියට වෙනස් වෙලා. ඉතින්.... ඉතින්  මට තේරෙන්නෙ මෙච්චරයි. ඔයාගේ මේ වැඩ නිසා මට " අප්පච්චි "කියන චරිතේ පිලිකුල් වෙනවා.

ජගත් - නෑ මට ලැජ්ජා වෙන්න හේතුවක් නෑ පුතා. කියන්න තියෙන දේ ඩිරෙක්ට් කියන්න පුලුවන්කමක් තියෙන නිසා මං ගැන මං ප්‍රවුඩ්. ඔයාගෙ බාප්පයි මායි කියන්නෙ පුදුම අමාරු ජීවිත ගෙවන චරිත දෙකක්. ඉතින් තමන්ගෙ සතුට වෙනුවෙන් තමන් කැමති දේ කරනවා කියන එක වැරැද්දක් නෙවෙයි.

තේජාන් - ඔව් තමන්ගෙ සතුට වෙනුවෙන් තමන්ට කැමති දෙයක් කරන්න අයිතිය තියනවා. ඒක වැරැද්දක් නෙවෙයි. ඒත් අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්න තරම් පහත් වෙන්න එපා. තව කෙනෙක්ගෙ හිතක් රිද්දලා සතුටු වෙන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න එපා. අප්පච්චිගෙ මල්ලිට මං මේ දේවල් කිව්වා කියලා කියන්න. මොකද මේ දේවල් මං ඩිරෙක්ට් එයාට කියන්න ගියොත් හිතනවට වැඩිය සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. අප්පච්චිගෙ ලොකු පුතා ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ නේද?? ආයේ එක සැරයක් හරි අර අහිංසකයට වද දෙන්න ආවොත් බාප්පා කියන්නෙ මොකාද කියන එකත් අමතක කරලයි මං එයාට සලකන්නෙ. අන්න එදාට ඔයාටවත් මාව නවත්තන්න බැරි වෙයි අප්පච්චි.

හිමකර කඩුපුල්....Where stories live. Discover now