කඩුපුලේ විසිඑක්වන දිගහැරුම....

262 18 46
                                    

කඩුපුලේ විසිඑක් වන දිගහැරුම....

යසස් - මෝඩයා මෙන්න මෙහෙ එනවා. මං මගෙ ලිමිට් එක දන්නවා.

එසේ පවසමින් යහනෙහි වූ කොට්ට කීපය පසෙකට තල්ලු කල යසස් , තනුකව තම තුරුලට ගන්නට විය.

තනුක - යසස් අයියේ මං ඔයාට දෙයක් කියන්න , ඒ දේ කාටවත්ම කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද?

යසස් - මොකක්ද?

තනුක - පොරොන්දු වෙන්නෙකො ඉතින්.

යසස් - හරි හරි කියන්නෙ නෑ.

තනුක - පොරොන්දු වෙන්න.

යසස් - මාව විශ්වාස නැද්ද?

තනුක - හරි.... මං මේ කියන්න  යන දේ අහලා ඔයා කලබල වෙන්න එපා. ඔක්කෝටම කලින් කියන්නකො ජගත් අංකල් මොන වගේ මනුස්සයෙක්ද කියලා.

යසස් - එයා එයාගේ පාඩුවේ ඉන්න මනුස්සයෙක්.එතකොට....එයා දෙයක් කිව්වොත් ඒ දේ අනිවාර්යෙන් කරනවා. උත්සාහය , කැපවීම  ජගත් අංකල් ළඟ ඕනවටත් වැඩිය තියෙනවා. එයා ඔහොම හිටියට මිනිසුන්ට හරි ආදරෙයි. ඒත් ඒක පෙන්නන්නෙ නෑ. ඔය වගේ ඒවා තමා.කේන්ති ගියාම වස උනාට හිත ඇතුලෙන් හරිම හොඳයි.

තනුක - එතකොට මහීෂයියගේ අම්මා නැති වුණේ කොයි කාලෙද? එතකොට ජගත් අංකලුයි ,මහිෂයියගෙ අම්මයි ආදරෙන් හිටියද?

යසස් - අම්මෝ වස්තු ඔයා පුදුම ඕපයක්නේ.

තනුක - කියනෝකෝ.

යසස් - මහීගේ අම්ම නැති වුනේ කොයි කාලෙද කියල නම් හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි ජගත්  අංකලුයි ආන්ටියි  ආදරෙන් හිටියා.  ඒ කියන්නේ එයාලා ගොඩක් වෙලාවට ඈතින් හිටියේ. ජගත් අංකල් නිතරම වගේ ඇමරිකාවල හිටියේ. කලාතුරකින් ගෙදර එන්නෙ. එයා ආවාම නම් ජගත් අංකලුයි ආන්ටියි ගොඩක් ආදරෙන් ඉන්නවා දැකලා තියෙනවා.

තනුක - මං මෙහෙම ඇහුවයි කියලා කේන්ති ගන්න එපා අයියේ. ජගත් අංකල් සුගර් ඩැඩී කෙනෙක් ද?? ඒ කියන්නෙ එයා පොඩි පොඩි පිරිමි ලමයින්ට කැමති ද??

යසස් - ඉව්ව්ව් මැට්ටා. මොනවා අහනවද මන්දා. ඇයි තමුසෙට දැන් ඕන සුගර් ඩැඩී කෙනෙක් ද කියනවකො?

හිමකර කඩුපුල්....Where stories live. Discover now