කඩුපුලේ දහනම වැනි දිගහැරුම....

257 19 26
                                    

කේෂ් - මේ තේජාන් අයියේ.... අපි දැන් කාලා ඉවරනේ. ඊළඟට කොහෙද යන්නේ?

මහිෂ - දැන් ඉතින් ගෙදර යන්නෙ. ආයේ ඇවිදින්න දෙයක් නෑනේ මේ ඇවිද්දා හොඳටම ඇති.

තේජාන්ට ඇසක් ගසමින් මහීෂ පවසන්නට විය.

කේෂ් - ඇත්තමද තේජාන් අයියේ??

තනුක - ඒ යසස් අයියේ.... ඔයා හරි  මාවයි කේෂ්වයි එක්කන් යන්නකෝ.අපි දඟලන්නේ නෑ. ටෝයිස් මැෂින් ළඟට වෙලා ඉන්නම්.

යසස් - ඇයි මට මේ වෙන වැඩ නෑ කියලා හිතුවද?

කේෂ් - හ්ම්ම්ම් කමක් නෑ එහෙනම් අපි යමු ගෙදර.

තේජාන් - මුන් දෙන්නගෙ බොරු අනේ. කාලා ඉවර වෙනකන් හිටියේ. දැන්  යනවා ____ මෝල් එකට.

තනුක - ඇත්තම ද තේජාන් අයියේ??

යසස් - උඩ පනින්නැතුව ඉන්නවකෝ. තේජාන් අයියා ඒක බොරුවට කිව්වේ.

තේජාන් - අවුස්සන්න එපා බන් පොඩි උන්ව. යමු යමු කට්ටියම ගිහිල්ලා කාර් එකට නගින්න.

අඩ දඹර , වචන හුවමාරුව සමගින් සියලු දෙනාම නැවතත් මෝටර් රථයට නැගී _______ සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන්නට විය.

කේෂ් - නවා.... ඔයාලා හිමින් කතාබහ කරලා එන්න. මායි තනුකයයි යනවා ටෝයිස් මැෂින් ළඟට.

මෝටර් රථයෙන්  බැසගන්නවාත් සමගම කේෂ් සුදානම් වූයේ තනුකගේ දෑතින් අල්ලාගෙන සාප්පු සංකීර්ණය වෙත දිව යෑමටයි.

මහිෂ - ඒයි මොකද තදියම? පොඩ්ඩක් ඉන්නවා මං එනකන්.

කේෂ් - හයියෝ මෙයාලා එක්ක බෑ තනුකයො.

මහිෂ -මොනාද බැරි??

කේෂ් -බැරි මොනාද නෙවෙයි. මට කියන්නකො ඔයාලා එක්ක මටයි තනුකයටයි කරන්න පුලුවන් දේ මොකක්ද කියලා. කොයි වෙලාවෙ බැලුවත් මෙයා මට කෑ ගහනවා , යසස් අයියා තනුකයට කෑ ගහනවා.

කේෂ් තරමක් හඬ නගා පවසන්නට විය.

නවම් -. කේෂ්?? මොකද ඔය කෑ ගහන්නේ? අහල පහල මිනිස්සුත් බලනවා. පොඩ්ඩක් කට වහගෙන මැනස් එකක් තියාගෙන ගියොත් හොඳයි.

කේෂ් - ඔය පේනවනේ. ඒ පාර ප්‍රින්සිපල් කෑ ගහනවා. ආම්චිට රයිස් ගරන ජීවිතයක් තියෙන්නෙ මටත්. අහෝ දුකකි පුපේ හිලකි....

හිමකර කඩුපුල්....Where stories live. Discover now